ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට පාලනය කිරීමට හැකිවනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය, මහින්ද අමරවීර මහතා පැවසීය.
පෙට්‍රල් හා ඩීසල් නෞකා ලබන 23 සහ 24 දින ලැබීමට නියමිත බවත් ඒවා බෙදාහැරීම ඇරඹීමෙන් පසු පවතින තදබදය යම් තරමකට අඩුවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
අත්‍යාවශ්‍ය සේවාවන්ට මෙන්ම කෘෂිකාර්මික, ධීවර කටයුතු වලට ප්‍රමුඛතාව දෙමින් සලාක ක්‍රමවේදයක් හරහා එම ඉන්ධන බෙදාහැරීමෙන් අර්බුදය යම් තරමකට පාලනය කළ හැකි නමුදු ඉන්ධන එක්රැස්කිරීම් පාලනය සම්බන්ධයෙන් ගැටලු පවතින බව ඇමතිවරයා පැවසීය.