ඉන්දියාවේ කොන්ඩිච්චේරි හා කාරෙක්කාල් වැනි වරායන් වල සිට කන්කසන්තුරේ වරායට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒම සදහා වු යෝජනාවක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව භූමිතෙල්,ඩීසල් වැනි ඉන්ධන හා ඖෂධ,කිරිපිටි,පොහොර ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරායට රැගෙන විත් සාධාරණ මිළට ජනතාව අතර බෙදා දීමට මෙමගින් අපෙක්ෂා කෙරේ.
අමාත්‍ය දේවානන්දා මහතා දිගින් දිගටම මේ පිළිබදව යෝජනාව ඉදිරිපත් කළ අතර පසු ගිය අමාත්‍ය මණ්ඩලයේදි මේ පිළිබදව දිගින් දිගටම සාකච්ඡා කළ අතර එහිදි ජනාධිපතිතවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වු අතර ඒ පිළිබදව අධ්‍යනය කර අවශ්‍ය පහසුකම් සැලසීම සදහා වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට උපදෙස් ලබා දුන් අතර ඒ පිළිබදව සොයාබැලීම සදහා අමාත්‍යවරයා පසුගිය දා කන්කසන්තුරේ වරායේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
මේ අනුව පළමු අදියර යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ උතුරු නැගෙනහිරට ගෙන ඒමටත්,දෙවන අදියර යටතේ මගී නැව් සේවාවක් ආරම්භ කිරීමටද නියමිතයි.