ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනකු අද (23 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ඔවුන් අද (23 දා) උදෑසන 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය රජයට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ඉන්දීය දූත පිරිස , ඔවුන් පැමිණි ගුවන් යානයෙන් බැස ගත් වහාම කෙළින්ම කොළඹ බලා පිටත්ව යාමට පියවර ගෙන තිබුණි .
එහිදී ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දේශපාලනඥයන් පිරිසක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය .
මෙම ඉන්දීය දූත පිරිස මෙම ශ්‍රී ලාංකික සංචාරය අද (23 දා) නිම කර සවස 06.00 ට පමණ ඔවුන් පැමිණි ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.