පැය කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා පැවැත්වීය.
මෙම ඉහළ පෙලේ නියෝජිත පිරිස ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා, ආර්ථික කටයුතු ලේකම් අජේ සෙත්, ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී.ඒ. නාගේස්වරන්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ හවුල් ලේකම් කාර්තික් පාණ්ඩේ මෙම සාකච්ඡාවේදී ඉන්දීය රජය නියෝජනය කළහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් එම්. සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග යන මහත්වරු එක්වූහ.