25 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කරනවාද යන්න පිළිබඳව ඉන්දියාව තවමත් අවසන් තීරණයකට පැමිණි නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් සේවය අදත් (08 දා) වාර්තා කරනු ලැබීය.
එසේම මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවලිය පිළිබඳව මේ වන විට අදාල අංශ විමර්ශණයක නිරතවන බවත් ජිනීවාහි සිටින ඉන්දීය නියෝජිතයින් හා සම්බන්ධවී ඉදිරියේදි ඒ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක පැවැසීය.