ඉන්දියාවට වීසා නිකුත් කිරීම ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය හෝ සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් අත්හිටුවා ඇති බවට වන ප්රචාර මහ කොමසාරිස් කාර්යාලය ප්රතික්ෂේප කරයි.
පසුගිය දින කිහිපය තුළ බහුතරයක් ශ්රී ලාංකිකයන් තම වීසා නිලධාරින්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ දුෂ්කරතා පැවති බවත් හැකි ඉක්මනින් සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් මහ කොමාසාරිස් කාර්යාලය පවසයි.
ශ්රී ලාංකිකයන්ට ඉන්දියාවට පහසුවෙන් සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීමට කැපවී සිටින බවත් ඉන්දියානුවන් ශ්රී ලංකාවට සාදරයෙන් පිළිගන්නා අයුරින්ම ශ්රී ලාංකිකයන් ඉන්දියාවට සාදරයෙන් පිළිගන්නා බවත් මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.