ඉන්ටර්පෝල් සංවිධානයට ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටි ශ්‍රි ලාංකිකයෙකු ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඒ.එෆ්.පී. පුවත් සේවය සඳහන් කරයි.
ජයන්තම් ධර්මලිංගම් නමැති 35 හැවිරිදි මෙම දමිළ ජාතිකයා තමාට සිදු වූ අසාධාරණයක් පිළිබඳව ප්‍රංශ පොලීසිය හමුවේ පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ඒ.එෆ්.පී. පුවත් සේවය වැඩිදුරටත් පවසයි.