එප්පාවල පොලිස් වසමේ කණ්ඩක්කුලම රඹේකුඹුර ප්රදේශයේ වෙල් යායකදී ඊයේ (07දා) රාත්රියෙහි ඇතුන් දෙනෙකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් එක් ඇතෙකු දරුණු තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත.ජීවිතක්ෂයට පත් වූ ඇතාගේ මළ සිරුර කණ්ඩක්කුලම රඹේකුඹුර ප්රදේශයේ වාන් ඇළේ තිබේ.
මීට දින කිහිපයක සිට මද කිපුණු ඇතෙකු ගම්මානයේ අවට සැරි සැරූ බවත්, එම ඇතා ගම්වාසීන් පසු පසද හඹා පැමිණෙන බවත්, අලි 25 කින් පමණ සමන්විත අලි රංචුවේ අලි ඇතුන් සමග නිරන්තරයෙන් ඇතා සටන් කළ බවත් ගම්වාසීහූ පවසති.
ඒ අයුරින් ඊයේ (07) පස්වරුවේ රඹේකුඹුර වෙල්යායේ පැය 04 කට ආසන්න කාලයක් ඇතුන් දෙනෙකු සටනක නිරත වූ බවත්, එම සටනින් එක් ඇතෙකු දැඩි ලෙස තුවාල ලබා සිටි අතර, එම ඇතා කණ්ඩක්කුලම වාන් ඇළට වැටුණු බවත් ඔවුහු කියති.
ඇතා වාන් ඇළට වැටුණු පසුද අනෙක් ඇතා පැමිණ වැටී සිටි ඇතාටදලෙන් ඇණ පහර දුන්බවත්, අනතුරුව අධික ලෙස රුධිරය වහනය වී දැඩි ලෙස තුවාල ලබා සිටි ඇතා මිය ගිය බවත් සිද්ධිය ඇසින් දුටු ප්රදේශවාසීහූ පවසති.