සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත කරන ප්‍රමාණයට වඩා මධ්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයතන පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද නිෂ්පාදන සඳහා අනුමත කර ඇති සියයට 4.5 ක් වන මධ්‍යසාර ප්‍රමාණය ඉක්මවා ආයුර්වේද නිෂ්පාදන වෙළෙඳපොළේ පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව මේ පිළිබදව සොයා බැලීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කමිටුවක් පත් කර ඇති අතර සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.