ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 7ක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. මෙයින් ජීවිත හානි 6ක් අකුණු හේතුවෙන් සිදුව ඇති බවත් බුලත්කොහුපිටිය නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් ජීවතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පවසයි. මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කවල තුවාල සිදුවීම් 03ක් වාර්තා වී ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මීට අමතරව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 210ක් කණ්ඩායම් 44ක් වශයෙන් ආපදා වැඩි වශයෙන් සිදුවිය හැකි බවට හඳුනාගත් පොලිස් කොට්ඨාසවලට යොමුකර ඇති බවත් විවිධ වර්ගයේ යාත්‍රා 40ක් යොදවා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.