ආණ්ඩුව ශක්තිමත්ව ගෙනයෑම සඳහා වහාම සිදුකළ යුතු කරුණු 45කින් යුත් ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඊයේ(20දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.
ආර්ථික, සමාජ, දේශපාලන ක්ෂේත්රයන්හි දැවෙන ගැටලු විසඳීම සඳහා මෙය ඉදිරිපත්කර තිබේ.
මෙම කරුණු ඇතුළත් ලියැවිල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සෙසු අමාත්‍යවරුන්ටද අදහස් දක්වන ලෙසද අමත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම ආණ්ඩු ප්‍රතිසංස්කරණයේදී දේශපාලනිකව පැහැදිලි වෙනසකට යායුතු බවත් තරුණ අමාත්‍යවරුන්ට වැඩි වගකීම් පැවරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවද චම්පික රණවක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.