ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකුව සිටි ආචාර්ය ජයන්ත ධනපාල මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව එහි සභාපති කරු ජයසූරිය මහතා විසින් විසින් ව්‍යවස්ථා සභාව දැනුවත් කරන ලද අතර ජයන්ත ධනපාල මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිදුකරන ලද විශිෂ්ට සේවය ඇගයීමට ලක් කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථා නායක නිල නිවසේදී අද රැස්වූ අතර එහිදී මෙම පුරප්පාඩුව පිරවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුකූලව ඉදිරියේදී පියවර ගනු ඇතැයි ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා සාමාජිකයන්ව දැනුවත් කරන ලදී.
හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ ඇතිවි තිබෙන පුරප්පාඩුව සඳහා බ්‍රිගේඩියර් පී.පී.ජේ. ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවට බඳුන් විය.
මැතිවරණ කොමිෂන් සභාවේ සහ පොලිස් කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳවද ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු විය.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී තිබූ ලිපියක් සහ ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් එවන ලද නිරීක්ෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විසින් සාමාජිකයන් වෙත ඉදිරිපත් කරන ලදී.
තවද, අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් පොලිස් කොමිෂන් සභාවට යවා තිබු ලිපියක පිටපතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විසින් එහි සාමාජිකයන්ගේ අවධානයට යොමු කරන ලද අතර මේ පිළිබඳව පොලිස් කොමිසමේ නිරීක්ෂණ මේ දක්වා ලැබි නොමැති බැවින් එම නිරීක්ෂණ ඉතා කඩිනමින් ලබා ගත යුතු බවද තීරණය කරන ලදී.