ආඝාතය නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 40 - 50 අතර ප්‍රමාණයක් මියයන බවත්, 80කට වැඩි පිරිසක් ආඝාතයට ලක්වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අධිරුධිර පීඩනය, කොලස්ටරෝල් මට්ටම ඉහළ යාම වැනි තත්ත්ව නිසාත්, දියවැඩියාව, අධි මේද ආහාර, දුම්පානය, මත්වතුර, ව්‍යායාම මඳකම මගින් පුද්ගලයන් ආඝාතය වෙත කැඳවාගෙන යන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාතික ආඝාත දිනය හෙටට (27දා) යෙදී ඇත. එය නිමිති කොටගෙන ශ්‍රී ලංකා ආඝාත සංගමය විසින් සංවිධානය කරන දැනුවත් කිරීමේ පා ගමනක් උදෑසන 7.30 ට විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භවෙයි.