මෙරට අවසාන මධ්‍ය පරිමාණ ජල විදුලි බලාගාරය දෙහිඕවිට ප්‍ර‘දේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සීතාවක ගඟ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකරන භූමිය පරීක්ෂා කිරීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'හිඟරලකන්ද දඹකොටුව ප්‍ර‘දේශයේදී සීතාවක ගඟ හරහා මීටර් 42 ක් උස වේල්ලක් ඉදිකර ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවනවා. ඉන් මෙගාවොට් 20 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි. සීතාවක ගඟ හරහා ඉදිකරන වේල්ලේ සිට මීටර් 1470 ක් පහළින් විදුලි බලාගාරය ඉදිකරනවා.
මෙම ව්‍යාපෘතියට සමගාමීව දන්ගම්පල හිඟුරලකන්ද යන ගම් යා කරමින් මීටර් 27 ක දිගින් යුත් පාලමක් ඉදිකරමින් ප්‍ර‘දේශයේ මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට සැලසුම් කර තිබෙනවා.' යැයිද පවසා සිටියේය.
පරිසර හානිය අවම මට්ටමකින් පවත්වාගෙන යමින් ඉදිකිරීමට යෝජිත මෙම ජල ව්යාපෘතියටහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ පාරිසරික අනුමැතිය ලැබී ඇත.