වැලිකඩ බන්ධනාගාරයේ අලුගෝසු තනතුරට පසුගිය 03 වැනිදා බඳවාගත් පුද්ගලයා දින 02 ක් රාජකාරියට වාර්තා නොකිරීමෙන් පසු රැකියාවෙන් ඉවත්වන බවට බන්ධනාගාර කොමසාරිස් චන්ද්රරත්න පල්ලේගම මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් චන්ද්රරත්න පල්ලේගම මහතා පැවසුවේ අළුගෝසු තනතුර සඳහා තවත් මාස 02කින් පමණ වෙනත් පුද්ගලයෙකු බඳවාගැනීමට පියවර ගන්නා බවයි.