ගල්ගමුව අලුත්හේරත්ගමට පැමිණි වන අලි රංචුවක් අද (05) අළුයම 3.00 ට පමණ එම ගම්මානයේ අක්කර 96 ක පමණ වෙල් යායක් විනාශ කර ඇතැයි ගම්වාසීහු පවසති.
කිරි වැදුණු ගොයම විනාශ කර කා දමා ඇතැයිද, 80 ක් පමණ වූ එම අලි රංචුව පළවා හරින්නට මහත් පරිශ්රමයක් දැරූ බවද ගොවීහු පවසති. මහ කන්නයේ ගල්ගමුවේ ඇති වූ දැඩි නියඟයෙන් පසුව තමන් ඉතා අමාරුවෙන් වගා කරගත් අතුරු හේන් ගොයම මෙසේ විනාශ වූ බවද ගොවීහු ‘අද’ ට පැවසූහ.
ගල්ගමුව - සංජීව රත්නායක