අලාභ ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැටලුවක් නොවන නමුත් ටෙලිකෝම් වැනි අධික ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මහා අපරාධයක් ලෙස දකින්නේ යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරණයෙදී පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන අපිට ප්‍රශ්නයක් නැ. ටෙලිකෝම් වැනි අධික ලාභයක් ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අපි දකින්නේ මහ අපරාධයක් හැටියටයි. විවෘත ආර්ථික ක්‍රමවේදයට දෙයියන්ගේම පිහිටයි කියලා ඒ ආපු ක්‍රම වේදය තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ මේ දේශීය කර්මාන්ත දේශීය නිෂ්පාදන වසා දැමීම තුළ තමයි මේ රට බරපතල අර්බුදයකට ලක්වුණේ.
මහවැලි අධිකාරිය සතු ඉඩම් ප්‍රා දේශීය ලේකම්ට පැවැරීමේ යෝජනාව කොහෙන්ද ආවේ කියලා මම දන්නවා. මේක ජාත්‍යන්තර සංවිධානයකින් ආපු යෝජනාවක්. ඔය යෝජනාව 2002ත් ආවා. ඔය යෝජනාවට අපිට එකඟ වෙන්න බෑ. ප්‍රතිව්‍යුහගත කරණය ඇතුළු වැඩ පිළිවෙලත් එක්ක ඉදිරියේදී රට මොන තත්ත්වයකට වැටෙයිද කියලා කියන්න බෑ."