සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (19දා) පාර්ලිමෙන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයට පැමිණ අසුන් ගත්තේය.
ඔහු සිය ප්‍රකාශයෙන් පැවැසුවේ ආණ්ඩුවේ වංචා, දූෂණ පිළිබඳව කතා කළ නිසා තමන්ට නියෝජ්‍ය අමාත්‍යධුරය අහිමි වූ බවයි. එසේම වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම සඳහා තමන් විපක්ෂය සමග කටයුතු කරන බවත් ඔහු පැවැසීය.