ආණ්ඩුව කාමසුඛල්ලිකානු අයවැයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
“පසුගිය අවුරුදු පහ තිස්සෙ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට අත්ථකිලමතානු අයවැයක් ලබාදුන්නා. එළැඹෙන මැතිවරණයේදී ජනපතිවරයා නියත පරාජයක් ලබන නිසා බිය වී කාමසුඛල්ලිකානු අයවැයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. කාමසුඛල්ලිකානු යෝගය කියන්නෙ තාවකාලික සැපයි.” යනුවෙන් හෙතෙම පැවසීය.
කෝට්ටේ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද පොළ නියෝජිත පිරිසක් අද (19දා) හමුවූ අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.