වාමාංශික පක්ෂ කිහිපයක එකතුවෙන් සෑදුණු පොදු සන්ධානයක් යටතේ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට තරග කිරීම සහ මේ දිනවල සාකච්ඡා කරගෙන යන බව නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද (15දා) කීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මේ සතිය අවසානයේදී ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹිය හැකි බවයි. පෙරටුගාමී සමාජය පක්ෂයද තමන් සමග සාකච්ඡා කරමින් එක්ව මැතිවරණයට ඉදිරිපත්වන බව මුලින් ප්‍රකාශ කළද අවසාන මොහොතේදී ඔවුන්ග් තීරණය වෙනස් කරගෙන තිබූ බවද කරුණාරත්න මහතා සඳහන් කළේය.