පාර්ලිමේන්තු මන්ත්‍ර අමරකීර්ති අතුකෝරාල මහතා පහරදී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අංඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ (22දා) නිට්ටඹුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 32ක් වන මාදෙල්ගමුව පදිංචි පෙදරේරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අමරකීර්ති අතුකෝරාල මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මේ දක්වා සැකකරුවන් 32ක් අත්අඩංගුවට ගෙන තිබේ.