කොළඹ කේන්ද්‍රීයව පවතින බොහෝ බෞද්ධ සංවිධාන මෙන්ම අන්තර් ආගමික සංවිධාන බොහොමයක් සීතල කාමරවලට පමණක් සීමාවී ඇති බවත්, එම සංවිධාන මගින් ජාතික ඒකාබද්ධතාවක් සිදුනොවන බවත්, බිම් මට්ටමේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. මේ වෙනුවෙන් බෞද්ධ, හින්දු එකමුතුවක් සාදා ජාතික ඒකාබද්ධතාව ඇති කිරීමට බොදුබලසේනා සංවිධානය කටයුතු කරන බවද උන්වහන්සේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.