අද මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසා සිටියි.
අද පැවති මාධ්‍ය හමුවකදි ඔවුන් කියා සිටියේ ඉල්ලීම් 6 ක් මුල් කරගන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවටයි.
දහවල් 12 සිට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුව ඔවුන් සේවයට වාර්තා කරන්නේ උදෑසන් 8.30 සිට සවස 4.15 දක්වා පමණයි.
නමුත් හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී පමණක් නියමිත රාජාකාරී කාලයෙන් පිටත සේවයෙන් වාර්තා කරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසා සිටියි.