එමඟින් අඩු ආදායම්ලාභී අක්ෂි රෝගීන් සදහා උපැස් යුවල අද දින සිට නොමිලේ ලබාදීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝක දෘෂ්ථි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ පා ගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්විනි.
ජාතික අක්ෂි රෝහලේ උපැස් යුවල සැකසීමේ මධ්‍යස්ථානය මෙතෙක් අක්‍රීය තත්ත්වයේ පැවැති අතර, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්විම මත එම වැඩපිළිවෙල යළි ආරම්භ කරන ලදි.
එමඟින් අඩු ආදායම්ලාභී අක්ෂි රෝගීන් සදහා උපැස් යුවල අද දින සිට නොමිලේ ලබාදීමට නියමිතය. එහිදී සංකේතාත්මක වශයෙන් උපැස් යුවල ප්රදානය කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කළ අතර, මාසිකව දෘශ්‍යාබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා උපැස් යුවල 1,000 ක් පමණ ලබාදීමට නියමිතය.
ඒ සදහා විෂන් 2020 වැඩසටහන සහ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දායකත්වය ලබා දී ඇත. තව ද අද දින අක්ෂි රෝහලේ පැවැති ඇසේ සුද හදුනා ගැනීමේ විශේෂ අක්ෂි සායනය ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය. මෙම අක්ෂි සායනයේ දී හදුනා ගනු ලබන රෝගීන් සදහා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම නොවැම්බර් මස 24 දින සිදු කිරිමට නියමිතය.