අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අද (22දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ජනාධිපතිවරයා අගයනු ලැබීය.
භූගෝලීය සමීපතාව මත ලංකාව හා කලාපයේ රටවල් අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, ආයෝජන අවස්ථා, කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයා දූත මණ්ඩල ප්‍රධානීන් දැනුම්වත් කළේය.
ක්ෂේත්‍ර ගණනාවකින් අග්නිදිග ආසියානු කලාපයේ රටවලට මෙරටින් අපනයන කළ හැකි ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
මියන්මාර තානාපති හැන් තු , මැලේසියානු මහ කොමසාරිස් ටෑන් යැන්ග් තායි , වියට්නාම තානාපති හෝ තී තන්හ් ට්‍රක් , තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් , ඉන්දුනීසියානු තානාපති දෙවි ගස්ටිනා ටොබින්ග් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ.