දෙනියාය මොරවක ප්‍රදේශයේදී සිදුවූ අකුණු අනතුරකින් කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු මිය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව ගෙවී ගිය දින 07 ක කාලය තුළදී අකුණු නිසා පුද්ගලයන් 08 දෙනෙකු මිය ගොස් තිබෙන බවත්, ගෙවී ගිය මාස 10 ක කාලය තුළදී අකුණු අනතුරු නිසා පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා සඳහන් කළේය.