saravita-anim2

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

women - timelapse 9295 hours ago

LATEST

ඉවතලන දෙයට වටිනාකමක් එක්කර ජාත්‍යන්තරය ජය ගත් ඇය

calendar_today 2018 ජුනි 27 - 00:03 remove_red_eye - 1200  

ඉවතලන දෙයට වැඩි වටිනාකමක් එක්කරමින් ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් නොව ජාත්‍යන්තර ක්ෂේත්‍රයටම නවමු නිර්මාණ රැසක් හඳුන්වා දුන් ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනී ලෝනාලි රොද්‍රිගෝය. පරිසර හිතකාමී බවින් යුතුව ඇය ආරම්භ කළ ව්‍යාපාරය තුළින් ලාංකේය ආර්ථිකයට පමණක් නොව මුළු මහත් සමාජයටම ආදර්ශයක් සපයයි. %house of lonali^ නම

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 45 වැනි ආදි ශිෂ්‍ය සැමරුම පෙරේදා (24දා) වොර්ටර්ස් ඒජ්හි දී පැවැත්වුණි. එහිදී විලාසිතා නිර්මාණකරණයට පිවිසි ආදි සිසුන්ගේ විලාසිතා එළිදැක්වීමක්ද සිදුකෙරිණි.

Read More

ළදරුවෙකුගේ පෝෂණය පිළිබඳව කතා කරන විට එය ආරම්භ වෙන්නේ උපත ලබා පැයක් ගතවීමට පළමුව මව්කිරි දීමත් සමගනි. මුල් මාස 06ක කාලය තුළ ළදරුවා මව්කිරෙන් පමණක් පෝෂණය ලැබීම වැදගත් වන අතර, එය ළදරුවාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටද ප්‍රමාණවත් වේ. ඉන්පසුව වැඩෙන ළදරුවාගේ පෝෂණය රැකගැනීම සහ ළදරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු අමතර ආහාර ඇරඹීම අවශ්‍යය. ලෙඩ රෝග සෑදීමෙන් ළදරුවා තවදුරටත් රැකගැනීම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම හා අවස්ථානුකූල පිළිවෙත් අනුගමනය කි

Read More

පසුගිය අවුරුදු 30 පුරා කාන්තා ශ්‍රම බලකාය ගෝලීයව, සියයට 75 වැනි පුරුෂ ශ්‍රම බලකායට සාපේක්ෂව, සියයට 52 සිට සියයට 49 දක්වා පහත වැටී තිබේ.

Read More

ඇයගේ උස අඩි තුනයි අඟල් 5ක් වුවද ඇයගේ හඬ වඩාත් ප්‍රබලව අවදි කරයි.

Read More

නිව් සවුත් වෙල්ස් ක්‍රිකට් මණ්ඩලයට ඡන්දයේ තේරි පත්වූ පළමු කාන්තාව ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලෙක්ස් බ්ලැක්වෙල් පත්ව තිබේ.

Read More

රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය මුල්කරගනිමින් මෙවරද 72වැනි වරටත් සංවිධානය කළ Tony Awards උළෙල නිව්යෝර්ක් රෙඩියෝ සිටි ශාලාවේදී පසුගියදා (10දා) උත්කර්ෂවත් අයුරින් නිමාවිය. එකී සම්මාන රාත්‍රිය කාගේත් ආකර්ෂණය දිනාගත් එකක් වූ අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් මේ සඳහා සහාභාගි වූහ. රතු පලස මත දිස්වූ ඔවුන්ගේ විලාසිතා කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.

Read More

මිනිස් ජීවිතයක අගය දන්නා ඇය තවත් එවැනිම ජීවන අරගලයේ නියුතු ජීවිතයක් බේරා ගැනීමට ගොස් පසුගියදා ජීවිතක්ෂයට පත්විය. ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඇය අද වන විට මුළු ලොවක් හඳුනන පලස්තීනයේ ස්වේච්ඡා හෙද සේවිකාවක වන රසාන් අල් නජාර් (Razan el Najjar) නම් විය.

Read More

ගර්භිණී සමයේදී නිසි පෝෂණය ලැබීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තකි. මවගේ කුස තුළ වැඩෙන කලලය මව විසින් ගන්නා ආහාර මත පමණක් යැපීමත්, මවගේ ආහාරයේ යම් පෝෂණ ඌණතාවක් ඇතිවුවහොත් එය කුස තුළ වැඩෙන දරුවාට බලපෑමත් එයට ප්‍රධාන වශයෙන් හේතු වේ. එසේම තම සෞඛ්‍ය රැක ගැනීමටද ගර්භිණී මව පෝෂදායී ආහාර වේලක් ගත යුතුය. එසේ නොවුණහොත් මවද දරු ප්‍රසූතියෙන් පසුව විවිධාකාරයේ පෝෂණ ඌණතාවන්ට ලක්විය හැකිය.

Read More

තරුණියක්, කාන්තාවක් හැඩට ඇඳීම, පැලඳීම පිළිබඳව මෙන්ම ශරීරයේ හැඩය, පෙනුම පිළිබඳවත් බොහෝ සේ සිතයි. ඒ වෙනුවෙන් ඔවුන් බොහෝ දේ කරයි. බොහෝ අය තමන්ගේ ශරීරයේ හැඩය පවත්වාගෙන යෑමට පුහුණුකරුවන් යටතේ නොයෙක් අභ්‍යාසවල නියුතු වේ. ආහාර සැලසුම් ක්‍රමවේද අනුගමනය කරයි. ලෝකය තුළ මෙන්ම ලංකාව තුළද වර්තමානයේදී එය විලාසිතාවක් වී හමාරය. ඉක්මන් ක්‍රමවේද අනුගමනය නොකර ජීවන කලාවක් ලෙසින් සෞඛ්‍යමත් දිවියක් ගතකිරීමට දෙස්විදෙස් බොහෝ පිරිසකට තම සේවාව සපයන තරුණියක් ලෙස ගයත්‍රි කො

Read More

හැකියාව, දක්ෂතාව මැනවින් ඔප මට්ටම් කර ගැනීමට සිත තුළ පවතින්නා වූ උනන්දුව අනිවාර්යෙන් තිබිය යුත්තකි. ගැහැනු-පිරිමිභාවය නොසලකා තමා කරන රැකියාව හෝ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නට එයින් ලැබෙන්නේ මහත් රුකුලකි. රක්ෂණ ක්ෂේත්‍රයේ එවන් වූ විශිෂ්ට දක්ෂතා රැසක් දක්වා ජනාධිපති සම්මානය පවා දිනාගැනීමට සමත් වූ ඇය නමින් විජිතා සමරක්කොඩිය. ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක් ලෙස කටයුතු කරන ඇය ඒ පිළිබඳ අද හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

Read More

කාන්තාවන් සමාජය, සංස්කෘතිය තුළ නොයෙක් භූමිකාවන් නිරූපණය කරන අතර, ඒ තුළ ඇයට පැවරෙන වැඩ ප්‍රමාණයද එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී. එමෙන්ම ඇය නීතියෙන් වුවද පුරුෂයා හා සමානව සැලකුවද, ඇතැම් සමාජීය, ජීව විද්‍යාත්මක හා ආර්ථික කාරණා මත නීතියෙන් සමාන ආරක්ෂණයක් ලැබුණද ඇතැම් කාරණා සම්බන්ධයෙන් ඇයට අසාධාරණයක් සිදුවේ. ඒ අනුව දික්කසාදය තුළ වුවත් ඇය මුහුණපාන ප්‍රශ්න රාශියකි. පුරුෂයා හා ස්ත්‍රිය දික්කසාදයකදී නීතියෙන් එක හා සමාන ලෙස සලකා නඩුවක් තීන්දු කළද තවත් බොහෝ කා

Read More

ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ තිබෙන්නා වූ බාධක තම වෘත්තීය ගමනට කිසිදු අයුරකින් අභියෝගයක් කර නොගත් ඇය අද වන විට ජාතික රූපවාහිනී සංස්ථාවේ ප්‍රථම සභාපතිනියයි. සමාජයේ නොයෙක් පැතිකඩයන්හි සැඟවුණු ප්‍රශ්න විවෘතව ස්වකීය නිර්මාණවලින් ගෙනහැර පෑ ඇය තවත් අතකින් චිත්‍රපට අධ්‍යක්ෂිකාවකි. වගකීම් සහිත රාජ්‍ය මාධ්‍ය ආයතනයක මුලසුන හිමි, ඉනෝකා සත්‍යාංගනී නම් ඇය ඒ පිළිබඳ හා ඇගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව අද හමුවේ පැවසුවේ මෙලෙසිනි.

Read More

අටවැනි වරටත් සංවිධානය කළ %2018 විද්වත් කාන්තා වෘත්තිකවේදීන්ගේ සම්මාන උළෙල සඳහා අයදුම්පත් බාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. කාන්තා කළමනාකරණ ආයතනය සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව එක්ව සංවිධානය කරන මෙම උළෙල සඳහා මාධ්‍ය හමුවක් පෙරේදා (22දා) හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

උනන්දුව, කැපවීම හා යම් දෙයක් කෙරේ ඇති කැමැත්ත අපව සාර්ථකත්වයේ මාර්ගය කරා ගෙන යෑමට සමත් වේ. බිරිඳක, මවක ලෙසින් තම ස්වාමියාගේ හා දරුවන්ගේ කටයුතු අත්නොහැර මනා කළමනාකරණයකින් යුතුව ව්‍යාපාර කටයුතු සිදුකරමින් සිය පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ශක්තියක් වන ඇය නිල්මිණී දමයන්ති මහත්මියයි.

Read More

ජානමය රෝගයක් හේතුවෙන් ඇයට උපතින්ම ඇගේ අත් යුගල අහිමි විය. නමුත් කුඩා කල පටන්ම ඇගේ දෙමවුපියන් මෙන්ම ඈ තුළ උපන් චිත්ත ශක්තිය නිසා තමාගේ දෛනික වැඩකටයුතුවලට කිසිවිටෙකත් එය බාධාවක් නොවීය. 1983 වර්ෂයේ පෙබරවාරි 02 වැනි දින ඇමෙරිකාවේ ඇරිසෝනාහි උපත ලද ඇය නමින් ජෙසිකා ‍ෙකාක්ස්ය (Jessica Cox ). ඇය මේ වන විට වයස අවුරුදු 35ක් ඉක්ම වූ තැනැත්තියකි.

Read More

කාලයත් සමග මිනිසුන්ගේ චර්යා, ක්‍රමවේදයන් සියල්ල වෙනස් වී ගොසින්ය. එය මිනිසුන්ගේ සිතුම් පැතුම්වල පවා සිදුව ඇති පරිවර්තනයෙන් මනාව පැහැදිලි වේ. රජ කාලයේ පැවැති නීති දැන් නොමැත. ලිබරල් ප්‍රජාතන්නත්‍රවාදී ක්‍රමයකට ඔබින සේ දැන් දැන් නීති සකස් වී තිබේ. එක් රටකට නීතියක් වූ දෙයක් තවත් රටකට නීතියක් නොවන්නේය. එසේ වනුයේ ඒ ඒ සමාජයන්හි වෙසෙන මිනිසුන්ගේ ක්‍රියා කලාපය හා පාරිසරික, සමාජීය කරුණු කාරණා මතය. එමෙන්ම කාන්තාවන් හා ගැහැනු දරුවන් සම්බන්ධ ඇතැම් නීති වුවද

Read More

කාන්තාවක් අනිවාර්යයෙන්ම උපත් පාලනය පිළිබඳ දැනගෙන සිටිය යුතුය. පවුල් සෞඛ්‍ය නිලධාරියා හෝ පවුලේ වෛද්‍යවරයා මේ පිළිබඳ දෙන උපදෙස් පිළිපැදීෙම්දී, එහි යහපත් හා අයහපත් බලපෑම පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුය. මනා උපත් පාලන ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් දරුඵල හට ගැනීමේ අවිධිමත්භාවය, දරුඵල අහිමි වීම, ලිංගාශ්‍රිත රෝග බෝවීම ආදී බොහෝ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. නමුත් ඒ පිළිබඳ විධිමත් දැනුමක් ලබාගැනීම තුළින් පවුල් ජීවිතය හා ලිංගික ජීවිතය පිළිබඳ

Read More

ප්‍රවීණ මාධ්‍යවේදිනී ඉරෝෂිණී දීපිකා විසින් රචනා කරන ලද ‘සසර කතර තරණය කර’ ග්‍රන්ථය සාහිත්‍ය පොත් පියසේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. ඇය මිනුවන්ගොඩ බෝධි චිත්තා මෙහෙණින් වහන්සේ සමග සිදුකළ සාකච්ඡාවක් මෙහි ඇතුළත්ය. මිනිස් සන්තානය තුළ සිදුවන ආවේගශීලී පීඩනයන් මැඬපවත්වා ගනිමින් නිවුණ සිතක් ඇති කරගත හැක්කේ කෙලෙසද යන්න පිළිබඳව සරල විග්‍රහයක් මෙහි ඇතුළත් වන අතර, මෙය මෙහෙණින් වහන්සේ නමක් මූලික කරගනිමින් මෙරට ප්‍රකාශිත ප්‍රථම ග්‍රන්ථයද වන්නේය. එමෙන්ම ක

Read More

ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ලාංකික තරුණියක් එරට මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගෙන ඇත. ඉතාලි ජාතික තරුණියන් 28 දෙනෙකු අබිබවා මෙම කිරුළ හිමි කරගෙන ඇත්තේ පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්‍රනාන්දු නැමති තරුණියයි.

Read More

ගොටුකොළ, මුගුණුවැන්න, නිවිති ආදී පලා වර්ග සුලභ වූවත් මේ මහපොළොව මත ගුණයෙන් හා රසයෙන් අනූන පලා වර්ග විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. එනමුත් ඒවා හඳුනන්නේ ඉතා අතළොස්සකි. ඇතැම් විට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේවා හඳුන්වන නාමය වෙනස් වූවත් ගුණයන්ගෙන් කිසි අඩුවක් නොවේ.

Read More

නිකරුෙණ් ගෙවන කාලය ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් බිම්මල් වගාකොට අලෙවි කර සිය පවුලේ ආර්ථිකයට දායකත්වය ලබාදෙන දිරිය කාන්තාවක් අපට මීගහකිවුල බලගොල්ල ප්‍ර‘දේශයේදී හමුවිය. ඇය මීගහකිවුල, බලගොල්ල, 18 කණුව ’නඳුන් සෙවණෙ’හි පදිංචි තරංගනී මධුවන්ති පෙරේරා මහත්මියයි.සිය සැමියා වන ප්‍රියන්ත චන්ද්‍රලාල් හපුආරච්චිගේ පූර්ණ ආශීර්වාදයත්, සහයෝගයත් මත මීට අවුරුදු තුන හතරකට පෙර ආරම්භ කළ බිම්මල් වගා ව්‍යාපෘතිය මේ වන විට සිය පවුලේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන බව

Read More

පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමේදී අපට මුහුණපෑමට සිදුවන්නා වූ පාරිභෝගික ගැටලු රාශියකි. ඒ අතරින් අප අනුභවයට ගන්නා වූ අාහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පිළිබඳව වාර්තා වූ ගැටලුව සුවිශේෂී වේ. මීට පෙරද අප, ආහාර තෝරා ගැනීමේදී වසවිසෙන් තොර ආහාර ඔබේ දෛනික ජීවිතයට එක්කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කළෙමු. මේ එහි දෙවැනි පරිච්ඡේදයයි.

Read More

මේ වන විට ඇය, තමා උගත් බතික් කලාව විදෙස් සිසුන්ට පවා පුරුදු පුහුණු කරයි. මනා කාල කළමනාකරණයක් යටතේ පවුලේ වැඩකටයුතු හා ව්‍යාපාර කටයුතු මැනවින් සිදුකරන ඇය කිසිවිටෙකත් තමාගෙන් සිදුවිය යුතු වැඩකටයුතු අතපසු නොකරයි. සිය මහන්සියෙන් හා කැපවීමෙන් බතික් කලාව තුළ සාර්ථකව ඉදිරියට ගිය ඇය අද හමුවේ සිය අත්දැකීම් දැක්වූයේ මෙලෙසිනි.

Read More

Thambapannie Event Management ආයතනය මගින් සංවිධානය කළ Thambapannie Future Fashion 2018 පසුගියදා (28දා) ගාලු කොටුව උසාවි සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි. මෙය සජීවී ගීත ගායනය හා මංගල විලාසිතා දැක්මක් එකම එළිමහන් වේදිකාවක මහජනතාවට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකේය මොස්තර කලාවේ පළමු අත්දැකීම විය.

Read More

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී එයට යොදවන ප්‍රාග්ධනය කෙසේ උපයා ගන්නේද යන්න බොහෝ දෙනාට ව්‍යාපාර ආරම්භයේදී මතුවන ප්‍රධාන ගැටලුවකි. නමුත් තම බුද්ධිය හා උනන්දුව තුළින් කිසිදු ප්‍රාග්ධනයක් නොමැතිව වුවද ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි බව ලාංකේය ව්‍යාපාරික සමාජයට කියාදුන් තරුණියක ලෙස අලුත්ගම ප්‍ර‘දේශයේ බිහි වු වජිරා නාකන්දල හැඳින්වීමට හැකිය. වයස අවුරුදු 22දී ඇය මේ ව්‍යාපාරය ආරම්භ කළේ කිසිදු ව්‍යාපාරික පසුබිමක් නොමැතිවය. නමුත් අද වන විට ඇය තරුණ තරුණියන් විශාල ප්‍රම

Read More

දේශීයත්වය අගය කරමින් 100%ක්ම කාබනික පොහොරින් සකස් කළ එළවළු හා පලතුරුවලින් නව නිෂ්පාදන රැසක් ව්‍යාපාර ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ඇය වත්තල ප්‍රදේශයේ පදිංචි නිර්මලා විජේරත්න මහත්මියයි. සන්ෂයින් යන වෙළෙඳ නාමය යටතේ සිය ව්‍යාපාරය ඇරඹූ ඇය අද වන විට නිෂ්පාදන පනස් දෙකක පමණ හිමිකාරිනියකි. ඒ පිළිබඳව ෙමන්ම සිය ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඇය අද හමුවේ අදහස් දැක්වූයේ මෙලසිනි.

Read More

එළඹෙන මංගල උත්සව සමයේ හැඩ වන්නට කැමති යුවතියන්ට සුදුසු විලාසිතා රැසක් පසුගියදා ඉන්දියාවේ පැවැති රබානි හා රාඛා විලාසිතා දැක්මේදී කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.