saravita-anim2

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

women - timelapse 9022 hours ago

LATEST

ජීවමාන ලෙස සිතුවම් මවන කලා උපාධිධාරිනිය

calendar_today 2018 අගෝ 28 - 09:55 remove_red_eye - 1691  

අහඹු ලෙසින් සිතුවම්කරණයට පින්සල අතින් ගත්තද ඇයට ජීවන තක්ෂිලාවේ ගමන් කිරීමට එය නිබඳ පිටිවහලක් විය. ලෝකය දෙස සමාජයේ ජීවත් වන්නන් දෙස නිර්මාණශීලී දෙනෙත් යොමු කරමින් අද වන විට ඇය ඇස ගැටුණු දසුන් විශාල ප්‍රමාණයක් සිතුවමට නගා තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍ර‘දේශයේ ජීවත් වන ඇය නමින් ප්‍රියානි ප්‍ර

ජීවිතයේ සුන්දර අවස්ථා සැමරීමේදී කේක් කැපීම සිරිතක් කරගත් අප, නොයෙක් නිර්මාණ ඔස්සේ එය හැඩවැඩ කරගනුයේ එම අවස්ථාව වඩාත් සුන්දර කර ගැනීමටය. එවැනි සුන්දර මතකයන් ජීවිත රැසකට තිළිණ කරමින් වසර 10ක් පුරා කේක් නිර්මාණකරණයේ යෙදෙන තරුණියක් ලෙස ෆාතිමා රයිහානා හඳුනාගත හැකිය.

Read More

වැලිගම වෙරළේ සේම මිරිස්ස වෙරළේ ඇති ප්ලාස්ටික්, ටින් කෑන් එකතු කර පරිසරයටද යහපතක් සිදුකරමින් සිය ජීවිතය ජය ගැනීමට සමත් වූ මවක සහ පුතෙකු අපට පසුගියදා හමුවිය. ඔවුන් දෙදෙනා වන්නේ මාතර මිරිස්ස හේනවල ප්‍රදේශයේ පදිංචි ජී.කේ.කේ නන්දනී මහත්මිය හා ඇයගේ පුත් තුෂාර උදය කුමාරය.

Read More

ලියනාඩෝ ඩාවින්චි සිත්තරාගේ අතින් නිමවුණු ලෝ ප්‍රකට %මෝනාලිසා^ සිතුවමින් වගේම සීගිරියේ සිත්තරුන් සිතුවම් කළ සීගිරි ලලනාවන්ගේ සිතුවමින්ද අප කාන්තාවකගේ සුන්දරත්වය දකින්නෙමු. එවන් අපූරු සිතුවම් මවන අපූරු සිත්තරාවියක් පිළිබඳ අද මෙම සටහන ගෙන එන අතර, ඇය නමින් ශශින්තා දිල්හානිය.

Read More
Lanka Design Week 2018
16 08 2018 10:03:00
0 661

මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝධානික නිර්මාණ අධ්‍යයනාංශය සංවිධාන කළ ශ්‍රී ලංකා නිර්මාණ සතිය (Lanka Design Week 2018) යටතේ උපයෝගී භාණ්ඩ නිර්මාණ, විලාසිතා හා ජීවන රටා නිර්මාණ සහ මාධ්‍ය හා සන්නිවේදන නිර්මාණ අගය කිරීමේ උළෙල පෙරේදා (12දා) නිමාවට පත්විය.

Read More
miss sri lanka in europe 2018
15 08 2018 09:56:00

වසරක් පාසා යුරෝපා රටක පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා ඉන් යුරෝප් 2018 තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. පසුගියදා ගාලු මුවදොර හෝටලයේ පැවති මෙම විලාසිතා දැක්ම ශ්‍රී ලංකා ප්‍රංශ මිත්‍ර සංවිධානය විසින් සංවිධානය කළ අතර මින් ලැබෙන ආදායම මහරගම පිළිකා රෝහලට මෙන්ම මහනුවර පිළිකා වාට්ටුවට ආධාර වශයෙන් ලබාදෙන බව එහි සංවිධායකයෝ පැවසූහ.

Read More
Lanka Design Week 2018
14 08 2018 09:20:00
0 689

ශ්‍රී ලංකා නිර්මාණ සතිය (Lanka Design Week 2018) යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝධානික නිර්මාණ අධ්‍යනාංශය මගින් පුරා සතියක කාලයක් පැවැත් වූ උපයෝගී භාණ්ඩ නිර්මාණ, විලාසිතා හා ජීවන රටා නිර්මාණ සහ මාධ්‍ය හා සන්නිවේදන නිර්මාණ අගය කිරීමේ උළෙල පෙරේදා (12දා) නිමාවට පත්විය. මෙම මස 7දා සිට 12දා දක්වා කොළඹ නිදහස් චතුරස්‍ර වාණිජ සංකීර්ණයේදී මෙම උළෙල පැවැත්වුණු අතර, එහිදී නිර්මාණ ක්ෂේත්‍ර ගණනාවක් හරහා තමන්ගේ නිර්මාණ හා පිරි සැලසුම් හැකියාව ප්‍රදර්ශනය කිරීමට ස

Read More

මවක් දස මසක් කුස දරා හිඳ මේ ලොවට දරුවෙකු බිහිකරන්නේ අසීමිත වූ වේදනාවකිනි. එකී දරු ප්‍රසූතියේ පූර්ව හා පශ්චාත් අවධිය තුළ ඇතිවන නොයෙකුත් ආසාදනයන් හා මානසික කම්පනයන් නිසා සමාජයේ කාන්තාවන් බහුලව විවිධාකාරයේ ගැටලු රැසකට මුහුණ දේ. ඇතැම් විට පවුල තුළින් පවා සහයෝගයක් නොලද ඇය ඇතැම් අවස්ථාවල ව්‍යාකූල ස්වභාවයකින් පවා හැසිරෙන අවස්ථා තිබේ. එම නිසා ප්‍රසූතියෙන් පසුව ඇතිවන තත්ත්වයන් පිළිබඳ අප දැන සිටීම අත්‍යවශ්‍ය කාරණාවකි. ඒ පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ජයවර

Read More

ජීවිතය යනු හීන පසුපස හඹා යෑමක් කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. කුඩා කල පටන් අපි සිදුකරනුයේ සිහින පසුපස හඹා යෑමයි. කිසි දිනෙක හීන සිතූ පමණින් හැබෑ නොවේ. එයට අපගේ නෙපසුබස්නා උත්සාහය, කැපවීම තිබීම අනිවාර්යය. එලෙස ඒ උත්සාහය, කැපවීම මත සිය ජීවිතය සාර්ථක කරගත් දිරිය කතක් පිළිබඳ කතාබහ කිරීමට %අද^ අප සිතුවෙමු. ඇය නමින් අජන්තිකා බණ්ඩාරණායකය. ඇය අද වන විට මාතර දිස්ත්‍රිකයේ ඇති %යස රූ සාරි^ ව්‍යාපාරයේ හිමිකාරිනියයි. ඇය අප සමග මෙසේ අදහස් දැක්වූවාය.

Read More

ජීවිත ගමනේ අපට ඇතිවන බාධක බොහෝමය. සංකීර්ණ ජීවන රටා තුළින් බොහෝ මිනිසුන් ගමන් කරනුයේ ඒකාකාරී ජීවන පැවැත්මකටය. ඇතමුන් එයින් මිදීමට උත්සහ කරන අතර, ඇතමුන් එහි තවතවත් එල්ඹ ගනී. ඒ අතරින් ඇතමෙකු ඒ ක්‍රමය වෙනස් කිරීමට තැත් කරන අතර, මේ සියලු දේ තුළ ඒකාකාරීව ජීවත් වන පුද්ගලයා මානසිකව පීඩා විඳියි. එයින් මිදෙන්නන් සතුටින් ජීවිතය ගතකරයි. මේ සියලු දේ නිරාකරණය කරමින් තමා හා සමීපතමයෙකු වෙමින් අනෙකාගේ ගැටලු හඳුනාගනිමින් උපදේශකයෙකුට එහා ගිය ක්‍රියාවක් සිදුකරන වෘත්

Read More

සෑම වසරකම අගෝස්තු පළමු සතිය වෙන් වන්නේ මවුකිරි ප්‍රවර්ධනය සඳහායි. අදින් ඇරඹෙන 2018 ලෝක මවුකිරි දීමේ සතියේ තේමා පාඨය වන්නේ %මවුකිරි සුවබර දිවියක පදනමයි^ යන්නයි. එයින් සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී ජීවන තත්ත්වයක් ළඟා කරගැනීම සඳහාත් එමගින් පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ දිළිඳු බව තුරන් කිරීමේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ළඟාවීමත් සඳහා මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබල දීම වැඩිදියුණු කිරීමේ සහ පවත්වාගෙන යෑමේ වැදගත්කම නැවත අවධාරණය කෙරේ.

Read More

පිළිකාවක් වැලඳී සිය ජීවිතය මරණය කරා යමින් සිටින මොහොතක අහිමි වීම යන්න ඇයට සමාන්‍ය දෙයක් වන්නට විය. නමුත් ස්වාමියා අතහැර දමා යන විට දරු දෙදෙනා හා තනි වූ ඇය අද තම රෝගයෙන්ද සුවය ලබා ආර්ථිකයෙන්ද ඉහළ තැනක සිටිනුයේ තමා සතු නොපසුබස්නා උත්සහය හා ධනාත්මක සිතුවිල්ලි නිසාවෙනි. ඇය කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා ගුණතිලක මහත්මියයි.

Read More

දකුණු ආසියාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. 2018 වසරේදී සමස්තයක් ලෙස කලාපයේ දල දේශීය නිෂ්පාදිතය සියයට 6.9 දක්වා වේගවත් කරමින් එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය බවට පත්විය. කෙසේ වෙතත් වේගයෙන් වර්ධනය වන දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සේවා නියුක්තියේ වර්ධනය වේගවත් වී නොමැත. මේ හේතුවෙන් කලාපය තුළ රැකියා නියුක්ති අනුපාතය පහත වැටී ඇති අතර, මෙම පිරිහීමෙන් වැඩි කොටස කාන්තා රැකියා කෙරෙහි බලපා තිබේ.

Read More

අවුරුදු විස්සක් වැනි ළාබාල වයසකදී ජාත්‍යන්තර ව්‍යාපාර ලෝකය ජය ගැනීමට හැකිනම් එය එක් අතකින් ආශ්චර්යයකි. මන්ද මේ වයසේ බොහෝ තරුණ තරුණියන් තවමත් යැපෙනුයේ දෙමවුපියන්ගෙන් වීම හේතුවෙනි. නමුත් දෙමවුපියන්ගේ මුදල් පරිහරණය නොකරමින් ස්වෝත්සාහයෙන් මෙවැනි උසස් තලයකට පැමිණීම ඇත්තෙන්ම භාග්‍යයකි. ඇමෙරිකාවේ පවුලක ළාබාලම දියණිය වූ ඇය එසේත් නොමැතිනම් ඇමෙරිකාවේ රියැලිටි තරු පොකුරක සුරතලියක් වූ ඇය නමින් කයිලි ජෙනර්ය. %ෆෝබ්ස්^ සඟරාවේ ඇය ගැන ප්‍රකාශ වීමත් සමග බොහෝ දෙනා

Read More

නූතන තාක්ෂණයක් සමග කාර්යබහුල වීමත්, තම ආහාර පරිභෝජනය සඳහා ක්ෂණික ක්‍රමවලට යොමු වීමත් සමග කාලීන වශයෙන් නොයෙකුත් රෝගයන්ට මිනිසා ගොදුරු විය. එයින් මිදීම සඳහා මිනිසුන් දැන් දැන් වැඩි වශයෙන් ගුණයෙන් හා පෝෂණයෙන් පිරි ස්වාභාවික ආහාර ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි.

Read More
Thambapannie Wedding Fair
19 07 2018 09:51:00
0 581

දකුණුලක ගාලු පුරවරයේ ප්‍රමුඛතම උත්සව සංවිධායකයන් ලෙස නම් දරා සිටින තම්බපණ්ණි ඉවෙන්ට් මැනේජ්මන්ට් අභිමානවත්ව සිවුවැනි වරටත් ඉදිරිපත් කරන Thambapannie Wedding Fair 2018 පසුගියදා (13, 14 හා 15) ගාලු නගර සභා පරිශ්‍රයේදී නිමාවට පත්විය.

Read More

සොබා දහමේ කිසිවකට සම කළ හැක්කක් මේ මිහිපිට නොමැත. ඒ සෑම දෙයක්ම සොබා දහමේ දයාදයන්ය. එවැනි දායාදයන්ගෙන් තම ජීවිතයේ සුන්දර මොහොත සරසා ගන්නට අප සැවොම ඇලුම් කරමු. යුවතියන් තම විවාහ ඇඳුම සුන්දරත්වයෙන් සරසන මල් කළඹ සොබා දහමේ ලස්සනම මල්වලින් අලංකාරවත් කරනුයේ ඒ නිසාය.

Read More

ලාංකේය සමාජයේ බොහෝ කාන්තාවන් ගොදුරුවන පිළිකා වර්ග දෙකක් ලෙස පියයුරු පිළිකා හා ගැබ්ගෙල පිළිකා හඳුනාගත හැකිය. මේවා මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම මගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය හැකි අතර, දැනුවත්වීම තුළ මේ පිළිකාකාර තත්ත්වයෙන් වැළකී සිටීමේ හැකියාවද තිබේ. නමුත් මේ පිළිබඳ බොහෝ කාන්තාවන් හට නිවැරදි දැනුමක් නොමැති කම නිසාවෙන් පිළිකා තත්ත්වය උත්සන්න වන තෙක් හඳුනා ගැනීමට නොහැකි වේ. ඒ නිසා එකී කාරණා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛ

Read More

කාන්තා ඔබට අනවශ්‍ය රෝම කියන්නේ සිතට අසහනයක් එක්කරන කරුණක් බව අමුතුවෙන් කිවයුතු කාරණාවක් නොවේ. නමුත් වෙළෙඳ පොළේ දැනට පවතින රෝම ඉවත් කරන්නට නිපදවා ඇති ආලේපන සම්බන්ධයෙන් ඇතැමුන් දරන්නේ තරමක නොකැමැත්තකි. ඒ මෙවැනි ආලේපන ඇතැම් සංවේදී සමක් සහිත කාන්තාවන්ට අසාත්මික වීමෙන් විවිධ ගැටලු පැන නගින අවස්ථා කොතෙකුත් පැවතීම හේතුවෙනි.

Read More
LiZA Designer Wear
12 07 2018 09:52:00

Read More

ශරීරයට ලැබෙන පෝෂණයට හා ගුණයට වඩා බොහෝ මිනිසුන් ආහාර ගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දෙනුයේ දිවට දැනෙන රසයටය. නමුත් රසයට මෙන්ම එකී ගුණයටත් සම තැනක් ලබා දෙමින් ලාංකේය ආහාර කලාව වෙනස්ම මානයකින් ලොවටම හඳුන්වාදුන් ඇය නමින් අයෝමා විලෙන්ය.

Read More
Colombo Swim Week
10 07 2018 10:03:00
0 546

Colombo Swim Week අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගිය සතියේදී ආරම්භ වූ අතර, පසුගිය 06, 07 යන දෙදින තුළදී කොළඹ Shangri –La හෝටල් පරිශ්‍රයේදී මෙම විලාසිතා දැක්ම පැවැත්විණි.

Read More

මවුකිරි පිළිබඳව ශ්‍රී ලංකාව තුළ පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් ඇති බව අප සැවොම දන්නා කරුණකි. එහි සඳහන් වන පරිදි වයස මාස 06ක් යන තුරු මවුකිරෙන් පමණක්ම ළදරුවා පෝෂණය කිරීමත් එතැන් සිට වයස අවුරුදු 02ක් දක්වා හෝ ඉන් එහාටත්, අමතර ආහාර සමග මවුකිරි දීමත් සිදුවිය යුතු බව පිළිගන්නා දෙයකි.

Read More

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන පිරුළට අභියෝග කර සමස්ත ලාංකික කාන්තාවන්ට ආදර්ශයක් ලබාදෙමින් ගොවි බිම ජයගත් අපූරු ගෙවිලියක් ගලේවෙල, දඬුවාගොල්ල බඹරගස්වැව ප්‍රදේශයේදී අපට පසුගියදා හමු විය.

Read More

අලුත් අලුත් දේවල් කරන්න, අලුත් දේවල් විඳින්න මේ ලෝකයේ ගොඩක් මිනිස්සු කැමත්තක් දක්වයි. එය ඕනෑම ක්ෂේත්‍රයකට පොදු වූ කාරණාවකි. එයට ගැහැනු පිරිමි භේදයක් නොමැත. ඒ අනුව යමින් ලංකාවට මෙතෙක් හඳුන්වා නොදුන් කලාවක් ගෙන ඒමට සමත් වූ ඇය නමින් තමාෂා ජයසූරියයි.

Read More

ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවට අලුතෙන්ම එක් වූ කාන්තාවන් කිහිපදෙනෙක් පිළිබඳ අප පසුගිය සති දෙක තුළදී සටහනක් තැබුවෙමු. මේ එම ලැයිස්තුවට එක්වන තවත් තැනැත්තියකි. ඇයගේ විශේෂත්වය වන්නේ ඇය සිරුරෙන් කුඩා වුවත් ප්‍රබලව නැගී සිටීමයි.

Read More

පූර්ව ළමා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් අනාගතයේ සාර්ථක මිනිසෙක් බිහිකළ හැකිය යන්න පෙරදැරි කරගෙන අවුරුදු 2 ½ වැඩි දරුවන් පෙරපාසල් වෙත යැවීම දෙමවුපියන් විසින් සිදුකළ යුතුව තිබේ. නමුත් සිදුවන්නේ පාසල් අධ්‍යාපනය වෙත යොමු කිරීමට පෙර හෝඩිය කියන්නට ලියන්නට හුරු කරන පෙර පාසලකට හෝ මොන්ටිසෝරියකට දරුවන්ව ඇතුළත් කිරීමයි.

Read More

යොවුන් විය ඉදිරි ජිවිතයේ ඉතාමත් තීරණාත්මක අවධියකි. යොවුන් විය ලෙස අප සමාන්‍යයෙන් සලකනු ලබන්නේ අවුරුදු 15 - 24ත් අතර වයස් කාලය වන අතර, අවුරුදු 10 - 19ත් අතර කාලය නව යොවුන් විය (Adolescence) ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ 2012 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මිලියන 20.4ක් වන මුළු ජනගහනයෙන් යොවුන් ජනගහනය 15.6%ක් වේ.

Read More

මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින ඇය මේ වනවිට කඹුරුගමුව නගරය තුළ ප්‍රසිද්ධ මල් ශාලාවක් පවත්වාගෙන යමින් පළාතේ ජනතාවට ඉමහත් සේවයක් සලසමින් සිටින්නීය. සමාජ සේවා වැඩ කටයුතුවලටද තම දායකත්වය සපයන අතර නැති බැරි අයටද තම හැකි පමණින් උදව් උපකාර කරමින් ඇය තමාගේ වැඩ කටයුතු කරගෙන යන්නට උත්සාහය දරන දිරිමත් කාන්තාවකි. මේ වනවිට ඇයගේ මේ සමාජ සත් කාර්යයන් වෙනුවෙන් විවිධ සම්මාන සහතිකවලින්ද පිදුම් ලබා ඇත. ඇය නමින් එස්.පී. රේණුකා තිලකරත්නය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.