Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා
ජීව වෛද්‍ය විද්‍යාව ක්ෂේත්රයෙන් උපාධියක් නිම කළ ඇය තම අලුත් කලාව ලංකාව පුරා ප්‍රචලිත කිරීමට මේ දිනවල වෙහෙසී කටයුතු කරන්නීය. ඒ අනුව යමින් ඇය ක්‍රීඩාව සහ නර්තන ශෛලීන් මනා ලෙස සුසංයෝගී කර ගනිමින් සෙවණැලි නර්තන (Shadow Theater) ශෛලිය මෙරටට හඳුන්වා දෙන්නේ ස්වඋත්සාහයෙන් ප්‍රගුණ කරගත් දැනුමකින් සහ පලපුරුද්දකින් යුතුවය. ලාංකේයන්ට නව කලාවක් වූ මෙම ශෛලිය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අපි ඇයව සම්බන්ධ කරගත්තෙමු. ඇය අද හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
2012 දෙසැම්බර් මස 27 වැනි දින සෙවණැලි නර්තනය(Shadow Theater) හඳුන්වා දීමේ අනන්‍යතාව මට රැඟුම් පාලක මණ්ඩලය මගින් ලබා දී තිබෙනවා. එය මට පමණයි දැනට හිමිවී තිබෙන්නේ.
මෙම නර්තන ශෛලිය අයත් වෙන්නේ වේදිකා නාට්‍ය ගණයටම තමයි. නමුත් මෙහි තිබෙන විශේෂත්වය කිසිම දෙබස් කණ්ඩයක් භාවිත නොකර, සංගීතය මාධ්‍යයක් ලෙසින් පාවිච්චි කර සහ රූප රාමුවලට සජීවීකරණය (animation) යොදා ගනිමින් මිනිසුන්ට ඉතා සංයමයෙන් යුතුව නරඹා කියවන්න පුළුවන් කතාවක් මෙහි ඉදිරිපත් කිරීමයි.
මෙම ශෛලිය පිළිබඳව කතා කළොත්, මෙයට ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නම්‍යශීලී හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඊට අමතරව මේ සඳහා බැලේ නර්තන ශෛලියද භාවිත කරනවා. මම දැනට සාම්ප්‍රදායික නර්තන ශෛලීන් භාවිත කරන්නේ නැහැ. හැබැයි මට අවශ්‍යතාවක් ආවොත් අලුත් අත්හදා බැලීමක් කරන්න අවශ්‍ය විට ඒවා කොහොමද සෙවණැලි නර්තනය සඳහා භාවිත කරන්නේ කියාලා මම ඉදිරියේදී අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරනවා.
2012 වර්ෂයේ තමයි මම ප්‍රථමයෙන්ම මෙය ආරම්භ කළේ. ලංකාවේ වෙනස් විදිහේ දෙයක් කරන්න ඕන කියන එක මගේ පුංචිකාලේ හීනයක්. ජීව විද්‍යාවෙන් මම උසස්පෙළ විභාගය කළ නිසා අමතර අංශයන් සඳහා මට යොමු වීමට නොහැකි වුණා. නමුත් මගේ දෙමවුපියන් පසුව මට අවශ්‍ය කරන ඕන දෙයක් කරන්න ඉඩ දුන්නා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කළ දෙයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
මම ජිම්නාස්ටික් පිළිබඳ හැදෑරීමක් කර තිබුණේ නැහැ. නමුත් කළු පටි දක්වා මම කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කර තිබෙනවා. එහිදී ප්‍රගුණ කළ නම්‍යශීලීත්වය සමග මම හිතුවා මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා.
මම %යූ ටියුබ්^ එකේ දැක්ක දෙකින් තමයි මෙයට මුලින්ම යොමු වුණේ. මම ඒ සඳහා තෝරා ගැනීම් සිදුකර ලංකාවේ සෑම තැනකින්ම වගේ ඊට අවශ්‍ය ළමුන් සොයා ගත්තා. ඒ හැමෝම අවුරුදු 25ට අඩු ළමයි. ඒ කණ්ඩායමේ ඔවුන් සතු හැකියාව මගේ හැකියාවත් එක්ක මුසු කරමින්, මගේ කතාවට අදාළව ඒ ගොල්ලන්ගේ ශරීරය ප්‍රයෝජනයට ගැනීමට මට හැකි වුණා.
අපි කිසියම් නර්තනයකට බඩු සකස් කිරීමේදී එවැනි දේද සිදු කළ යුත්තේ ශරීර කිහිපයක් හැඩයට එකතු කරමින්. උදාහරණයක් වශයෙන් අපට අලියෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් එයද මිනිසුන්ගේ හැඩ යොදා ගනිමින් තමයි නිර්මාණය කරන්නේ. මෙයට නම්‍යශීලීත්වය ඉතා වැදගත්. ඒ වගේම මේ සඳහා හොඳ පුහුණුවීමක්ද තිබිය යුතුයි.
මෙය ඕනෑම කෙනෙකුට කළ හැකි පහසු කාර්යයක් නොවේ. හොඳින් පුහුණුවීම් කළොත් එය සිදුකිරීමටද හැකියාව තිබෙනවා. නමුත් අඩු කාලයකින් වැඩි දෙයක් කිරීමට අපේක්ෂා කරන හෙයින් මේ සඳහා ජිම්නාස්ටික් කරන, දැඩි පුහුණුවීම් දරාගන්න පුළුවන් පිරිසක් තමයි මම එකතු කර ගත්තේ.
ඔව්. මම බොහෝ වේලාවට යූ ටියුබ් බලන කෙනෙක්. ඒකේ තිබෙන ගොඩාක් වීඩියෝ පට බලා එහි තිබෙන ඇක්රෝමැටික්ස් කියන ශෛලීයට දැඩිව අාශා කරනවා. නමුත් මට අවුරුදු 19දී ඒ පිළිබඳ ආශාවක් තිබුණත් මට ඒක කරන්න බැහැ කියලයි මම හිතුවේ. මම එයට අදාළ නිබන්ධන ගවේෂණය කර කෙසේ හෝ උත්සහා කරනවා යැයි සිතාගෙන මම නිවසේදී මාස 06ක් පමණ එක දිගට තනියම පුහුණුවීම්වල නිරත වුණා. ඊට පස්සේ මම දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ කැමැත්ත හරි වාසනාව හරි නිසා මට එය කරන්න හැකි වුණා. ඒ වගේම මට ලැබුණ කණ්ඩායමේ අනෙකුත් සහයකයන්ගේද නිබඳ සහයෝගයක් හිමිවුණා. මගේ කණ්ඩායමේ සිටින්නේ ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයන්. ඒ නිසා මගේ හැකියාවන් හදා ගන්න ඔවුන්ගෙන් හොඳ සහයෝගයක් මට ලැබෙනවා. කරාතේවල අපි කරන භාවනා ක්‍රමය තුළින්ද මම හිතනවා මට ලොකු උපකාරයක් වෙන්න ඇති කියලා.
ස්පාඤ්ඤයේ ෂැඩෝ ලෑන්ඩ් කියන කණ්ඩායමට තමයි මම ගොඩාක්ම කැමති. ඊට අමතරව ගොඩක් කණ්ඩායම් බිහිවෙලා තිබෙනවා. මට යුරෝපයේ සංචාරයක් මේ වන විට හිමිවෙලා තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල කණ්ඩායම් 14ක් පමණ තිබෙනවා. අපිත් ඒ අතරේ සිටිනවා.
මේ ශෛලීන් ගතහොත් ගොඩක්ම අන්තර්ජාලය ඇසුරින් ගත් දැනුමක් තමයි මා සතුවත් තිබෙන්නේ. මගේ දැනුම අනුව දැනට මෙහි තිබෙන්නේ %සෙවණැලි නාට්‍ය^, %සෙවණැලි නර්තනය^ සහ %සෙවණැලි රූකඩ^ යනුවෙන්.
සෙවණැලි නාටක සහ සෙවණැලි නර්තන ශෛලීන් බිහි වීමේ මූල බීජය ලෙස සෙවණැලි රූකඩ හඳුනාගන්න පුළුවනි. මෙය මුලින්ම ආරම්භ වන්නේ චීනයෙන්. ඉන්පසුව ඉන්දුනීසියාව ඔස්සේ වෙනත් රටවල්වලට සංක්‍රමණය වී තිබෙනවා.
සෙවණැලි නාට්‍යවල විශේෂත්වය වන්නේ ඒවා නිශ්චිත න්‍යායකට, ශෛලියකට පමණක් සීමා නොවී අලුත් සොයා ගැනීම් ඔස්සේ නිර්මාණය වීමයි. ස්පාඤ්ඤයේ කණ්ඩායම් ඔවුන්ගේ රැකියාව ලෙසයි මෙය සිදුකරන්නේ. ඔවුන් ඇක්රෝ යෝගා, ඇක්රොමැටික්ස්, ජිම්නාස්ටික්, සෙවණැලි නාටක මේ හැම දෙයක්ම එකට එකතු වී පුහුණු වීම් සිදු කරනවා. ඒ හරහා ඔවුන් අලුත් අලුත් නිර්මාණ බිහි කරනවා. මේ වන විට ලෝකයේ මේ පිළිබඳ උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට ස්පාඤ්ඤයට ගොස් එය හැදෑරීමට හැකියාව ලැබෙනවා. මොවුන් ශාරීරික ක්‍රියාකාරකම් සඳහා පමණක් මූලිකත්වය ලබා දෙනවා.
ලංකාවට මම මෙය 2012 වර්ෂයේ මුලින්ම හඳුන්වා දුන් නමුත් මට කිසිම අනුග්‍රහකයෙකු සිටියේ නැහැ. මම දැනට වසර 05ක සිට මෙය සිදුකරනු ලබනවා. නමුත් මේ සියල්ල මගේ දෙමවුපියන් සහ කණ්ඩායමේ අනිත් අයගේ දෙමවුපියන්ගේ සහයෝගයෙන් තමයි සිදුකරගෙන යන්නේ. ලංකාවේ දක්ෂ, ප්‍රවීණ පුද්ගලයන් හැමෝම මේ ක්‍රියාව අගේ කළත් කිසිම කෙනෙක් අපට මූල්‍යමය සහායක් ලබා දීමට සිටියේ නැහැ. ඒ නිසා මම ජාත්‍යන්තරයට ඉල්ලුම් කරන්න පටන් ගත්තා. ඒ උත්සාහය මත මට ඒ සඳහාද අවස්ථාව උදා කරගන්න හැකිවුණා. ඉදිරියෙදී යුරෝපීය රටවල මම මගේ ප්‍රදර්ශන පැවැත්වීමට අපේක්ෂා කරනවා.
මම ලංකාවේ බොහෝ තැන්වල මගේ ප්‍රදර්ශන පවත්වා තිබෙන්නේ මහන්සියෙන් සහ co- operative events හරහායි. මගේ දැන් ලොකුම කැමැත්ත තිබෙන්නේ යුරෝපීය රටවල්වලට ගොස් තව තවත් මෙම ශෛලීය දියුණු කර ගැනීමටයි.
මෙයින් ලබන ප්‍රසිද්ධියට වඩා මේ ශෛලියේ තිබෙන කලාව නිවැරදිව ග්‍රහණය කිරීමේ අවශ්‍යතාවක් මට තිබෙනවා. මම අවුරුදු 05ක් මෙය ප්‍රගුණ කළත් මෙහි හරි දැනුම මට තවමත් නැහැ කියලා මම හිතනවා. මම වෙනත් රටකට ගිහින් මෙය ප්‍රගුණ කිරීම මගින් ඔවුන් භාවිත කරන උපක්‍රම ඔවුන්ගෙන් ලබාගන්නට හැකි වෙනවා.
මගෙන් පසුව මේ සඳහා එකතු වුණ කණ්ඩායමක් සිටිනවා. මගේ අධ්‍යාපන කටයුතුවලින් පසුව මෙය ඉදිරියට ගෙන යෑම සඳහා යම් වැඩපිළිෙවළක් සකස් කිරීමට මම අපේක්ෂා කරනවා.
ඇක්රෝමැටික්ස් ශෛලිය ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ නම් මම නෙමෙයි. මම හිතන්නේ මමත් තාම එයට ආධුනිකයි කියලා. මගේ කණ්ඩායමේ නම වයිටාලයිස් ජීවමාන කියන එක තමයි ඒකේ තේරුම. මට පෙන්නන්න ඕන වුණේ අපි පොඩි ළමයි කට්ටියක්, අපි වෙනස් දේවල් කරනවා. ඒ හරහා මිනිසුන්ගේ හැඩතල කොහොමද, අඳුරෙන් ආලෝකය ලබන්නේ කියන තේමාවයි.
මම ජයවර්ධනපුර සහ මොරටුව යන විශ්වවිද්‍යාල තුළ මේ ප්‍රදර්ශන පවත්වා තිබෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිස්ද මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. නාට්‍ය හා රංග කලාව යන විෂයට අදාළ චක්රලේඛනයට ඇතුළත් කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් මේ වන විට ඒ සඳහා ඔවුන් මට අවසරය ලබාදී තිබෙනවා.
ලංකාවේ දක්ෂ ළමුන් රැසක් සිටිනවා. මෙවැනි දෙයක් විෂයක් ලෙස එක් කිරීම තුළින්, මේ පිළිබඳව සෛද්ධාන්තික සහ ප්‍රායෝගිකව ඔවුන් අධ්‍යයනය කරන නිසා හොඳ නිර්මාණකරුවන් ඉදිරියේදී බිහිවෙයි.
මම මේ වන විට මගේම නිර්මාණ 13ක් කරලා තිබෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහා මෙය සිදුකිරීමේදී අධ්‍යාපනයට සම්බන්ධ කතා මාලාවල් 05ක් මම යොදා ගත්තා. ඊට අමතරව %පරිසරය^ පිළිබඳ, %අම්මගේ ආදරය^ ගැන, නොෙයක් මාධ්‍ය ආයතන සඳහා මම ගොඩක් නිර්මාණ සිදුකර තිබෙනවා.
ඇත්තෙන්ම මගේ කණ්ඩායමේ ජිම්නාස්ටික් ක්‍රීඩකයනුයි සිටින්නේ. ඔවුන් හරිම අකමැති දෙයක් තමයි නර්තනයේ යෙදීම. නොයෙක් නිර්මාණවල නර්තන කොටස් සඳහා ඔවුන් යෙදවීම මට ලැබුණු ලොකු අභියෝගයක්. කතාවෙන් කතාවට වෙනස් වෙනස් ළමුන් මේ සඳහා තෝරා ගන්නවා. හැම නිර්මාණයක් සඳහාම නිශ්චිත තෝරා ගැනීමක් සිදු කරන්නේ නැහැ. මේ යටතේ කුසලතාව ප්‍රබල කාරණාවක්. එමනිසා නිර්මාණයෙන් නිර්මාණයට වෙනස් වෙනස් ළමුන් යොදා ගන්නවා.
මුහුණේ ඉරියව් කිසිම දෙයක් නැතිව කිසියම් හැඟීමක් ඉස්මතු කර පෙන්වීම ඉතා අපහසු දෙයක්. සෙවණැලි නාට්‍ය ඔස්සේ එවැනි අපහසු දෙයක් ප්‍රේක්ෂකයාට වැටහෙන අයුරින් ඉදිරිපත් කරන්නේ කොහොමද?
2015 වර්ෂයේදී %අම්මගේ ආදරය^ ගැන නිර්මාණයක් සිදුකළා. මම මේ නිර්මාණය කරද්දී ගීතයේ පද ගැන බෙහෙවින් සැලකිලිමත් වුණා. ඇත්තෙන්ම ලාංකේය ප්‍රේක්ෂකයාට මෙය නරඹනවිට එක දිගටම මනස ඒකාකාරීව තියන් ඉන්න ටිකක් අමාරුයි. නමුත් යුරෝපීය රටවල නම් එවැනි අපහසුතා මතු වන්නේ නැහැ. ඒ වගේම සජීවීකරණය මෙහි ප්‍රබල ආයුධයක් වෙනවා. සජීවීකරණය හරහා මිනිස්සුන්ට දැනීමට සැලැස්වීමේදී විශේෂයෙන්ම මම ගොඩක් පරිස්සම් වුණා.
මගේ වැඩිම කාලය වාර්තා වන්නේ පැයයි විනාඩියක්. නමුත් දැන් දැන් නිර්මාණ කිරීමේදී විනාඩි 05ත් විනාඩි 10ත් අතර කාලයක් තුළ නිර්මාණය සිදුකරන්න මම පරිස්සම් වෙනවා. ලංකාවේ මිනිසුන්ට වැඩි වේලාවක් එකම දෙයක් දෙස බලා සිටින්න අපහසු වීම මෙයට එක් හේතුවක්.
මගේ ඕනෑම නිර්මාණයක් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙනවා. කුඩා ළමයි ගොඩාක් ආකර්ෂණය වන්නේ රූපවලට, ලස්සන වර්ණවලට. ඒ නිසා මම ඔවුන්ට නිර්මාණයක් සිදුකරන විට වෙනත් නිර්මාණවලට සාපේක්ෂව දස ගුණයක් ඒ ගැන සිතනවා. මම විශ්වාස කරනවා ඕනෑම නිර්මාණයක් හොඳ හික්මීමකින් බැලුවහොත් එය තෙරුම්ගන්න පුළුවන් කියලා.
මෙය එක්කෙනෙකුට සහ දෙදෙෙනකුට තනියම කළ හැකි දෙයක් නොවේ. නාට්‍යයේ සියලුදෙනා මේ සඳහා සහභාගි විය යුතුයි. සෙවණැල්ල ඇතුළදී අපට කළ නොහැකි දෙයක් නැහැ. ඒ නිසා මම හිතනවා, ප්‍රකාශ කිරීමට නොහැකි ප්‍රබල දේ පවා මෙයින් කළ හැකි බව.
මට මේ තාක් දුරට පැමිණීම සඳහා අතහිත දුන් මගේ දෙමවුපියන්ට, දෙවියන් වහන්සේට සහ මගේ කණ්ඩායමේ ළමයින්ගේ දෙමවුපියන්ටත් විශේෂ ස්තූතිය මෙහිදී පුද කරන්න මම කැමතියි.
මේ ලෝකේ ඕනෑම දෙයක් මිනිසෙක්ට කිරීමට හැකියි. ඒ පිළිබඳ සිතා අතරමැද නතර නොවී ඒ අවශ්‍ය ඉලක්කයට කෙසේ හෝ ගමන් කිරීම මගින් එය ලබාගන්න හැකියි. මගේ වැඩ මේ වෙනකම් දැක නොමැතිනම් යු ටියුබ්වල වයිටාලයිස් (Vitalize) යනුවෙන් ටයිප් කර සොයාගත හැකියි. එසේ නොමැතිනම්, මේ නමින්ම ෆේස් බුක් පිටුව හරහා නැරඹීමේ අවස්ථාව තිබෙනවා. අලුත් දේවල් බලන්න සහ ඒවා මගින් නිර්මාණ කරන්න කැමති අය ඉන්නව නම් co- operative events වශයෙන් හෝ අනුග්‍රහයෙකු වශයෙන් මෙම නිර්මාණ සඳහා මැදිහත් වීමේ හැකියාව තිබෙනවා. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට
වැඩිදුර තොරතුරු 076-7653972 දුරකථනය ඇමතීමෙන් ලබාගත හැකියි.
popular news
Diundi Tuesday, 21 March 2023 02:00 PM
2023 නර්තන paper 6
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd