අපි හැමෝම මේ වෙද්දි අසරණ වෙලා. මෙය ලෝකයට යම් දෙයක් කිරීම සඳහා මට ලැබුණු හොඳම අවස්ථාවක්. මෙලෙස පවසමින් කෝවිඩ් 19  නිසා ලෝකයම එක්වරම යම් ආකාරයකට නතරව සිටියදී අවධානය යොමුකරගත්තේ ජෙනිෆර් හැලන් නමැති දිරිය කාන්තාවකි. ඇමෙරිකානු ජාතික කාන්තාවක වන ඇය 43 වන වියේ පසුවන දරුවන් දෙදෙනෙකු ගේ මවකි. ලෝකයම කෝවිඩ්වෘ වෛරසය අණසකට ගෙන ඇති පසුබිමක ජෙනිෆර් ඉදිරියට ආවේ ලෝකයට යම්කිසි අස්වැසිල්ලක් ගෙන ඒම වෙනුවෙනී. කොරෝනාවට එරෙහිව ඖෂධ සොයා ගන ගමනේ ඇමෙරිකාව  අත්හදා බැලූ mRNA-1273 එන්නත විදගත් පළමුවැනියා බවට පත්වීමට ඉතා නිර්භයව ඉදිරිපත් වූයේ වෙන කවුරුත් නොව ඇයයි. තාක්ෂණික සේවා සපයන සමාගමක මෙහෙයුම් කළමනාකාරිනිය ලෙස ඇය සේවයේ යෙදෙන්නීය.

සාමාන්‍යයෙන් ඖෂධයක් ලොවට හදුන්වා දීමේදී ඉතා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කිරීම සිදුවෙයි. පරීක්ෂණාගාර තුළ මීයන් හෝ වෙනත් සතුන් යොදා එම ඖෂධයේ ක්‍රියාකාරීත්වය පමණක් නොව එහි අතුරු ආබාධ පවා කිහිප වරක්ම පරීක්ෂාවට ලක්කෙරෙයි. ඒ සදහා වැයකරන කාලය ඉතා දිගුය. නමුත් ලෝකයම භීතියෙන් ඇලෙලෙන මොහොතක ඉතා කඩිනමින් අත්හදා බැලූ මෙම එන්නතේ ක්‍රියාකාරීත්වය මැන බැලීම සදහා පරීක්ෂණාගාර මීයෙකු බවට පත්වෙන්නට ජෙනිෆර් ඉදිරිපත් වූයේ සිය කැමැත්තෙනි. ඒ නිසාම ඇය 2020 වර්ෂයේ ලොව නිර්භීතම කාන්තාව ලෙසට නම් කළාට වරදක් නැතිවා හා සමානව සමස්ථ ලෝකයම ඇයට හිසනමා ආචාර කළයුතු වෙයි.

නදීෂානි

0 comments

Leave a Reply

Post Comment