සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම් මහතා විසින් පවත්වනු ලබන වෙසක් භූමිතෙල් දන්සැල 20 වරට මෙවර පැවැත්විණ .

සාධාරණ ස්ටෝර්ස් ඉදරියේ සිට රිදීමාලියද්ද රිටිගහඅරාව ශ්‍රී වජිරවංශ ධර්මාශ්‍රමය දක්වා  භූමිතෙල් බැරල් ප්‍රවාහණය කිරීම සිදුවූයේ ලොරි රථයකිනි.

මෙහිදී රිටිගහඅරාව, බලදංගොල්ල , මකුලේමඩ, ඌරාකොට, උඩයාය සහ උකුරැස්සකැටිය යන ගම්මාන වල අඩුආදායම් පවුල් 400 කට මෙහිදී  භූමිතෙල් ලබාදුන්නේය. මේ අවස්ථාවට ධර්මාශ්‍රමාධිපති මාවනාගම ගුණරත්න හිමියෝද සහභාගිවූහ.

ඊට අමතරව දිවයිනේ දිස්ත්‍රික් 15 දුෂ්කර විහාරස්ථාන 114 ක විදුලිය බිල ගෙවන ඔහු මේ වන විට විදුලිය බිල් ගෙවූ බිල්පත් වන බර කිලෝ 15 කි .

රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් මේ සඳහා වැය කර තිබේ. තමා සාධාරණය උපයන මුදල් මෙසේ  පුන්‍යමය ක ටයුතු සදහා වැය කරන බව ඔහු පවසන්නේය.

පාලිත ආරියවංශ

3 comments

wimal

04 years 11 months 04 days 03 hours 19 minutes 58 seconds ago

ඔබ වැන්නන අප රටට සම්පතකි ... ඔබට දිර්ගයු සහ ඔබ ගේ ව්‍යාපාර දිනෙන් දින සාර්ථකත්වයට පත් වේවා ...!

Reply

කල්පනා

04 years 11 months 03 days 05 hours 15 minutes 05 seconds ago

මෙතුමා වර්තමානයේ අනේපිඩු සිටාණ කෙනෙකි

Reply

Kumar

04 years 11 months 03 days 05 hours 15 minutes 21 seconds ago

අඩු අදායම් ලබන අයට ඇත දෙන මේ මුදලාලි මහත්මයා වගේ අය තව කිහිපදෙනෙක් ඉන්නවනම් රට දියුවෙනවා. තමාට හැකි ආකාරයට අන්යට අතදෙන ඔබතුමාට පිං සිදුවෙනවාමයි

Reply

Leave a Reply

Post Comment