ශ්‍රී ලංකවේ කොවිඩ් පාලනය කිරීම රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති හු වෙයි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළේය.

මෙම පරිත්‍යාගය අද (27දා) සිදු කළේය. Novel Coronavirus (2019-ncoV)Nucleic Acid Diagnosic Kit (PCR-Fluorescence PProbing) 20016 ක්, Medical Protective Face Mask 10000ක් , Surgical mask 100000 ක්ද, Disposable Coverall 10000 ක්, Medical Goggle 1000 ක්, Single -use Rubber Sugial Gloves 5000 ක් මෙම පරිත්‍යාග අතර වෙයි.

ඒමෙන්ම කොරෝනා මර්ධනය සඳහා චීනය ගත් ක්‍රියාමාර්ග ඇතුළත් වාර්ථාවක් ද වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා විසින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ චිනය යනු ලෝකයේ බලවත් රාජ්‍යයක් වන අතර  ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීනව උදව් කරන සාම්ප්‍රදායික මිතුරෙක් බවයි.

ශ්‍රී ලංකාව කරදරයට පත් සෑම අවස්ථාවකදීම චීනය උදව් කළ බවත් දෙවෙනි වරට අද විශාල ලෙස ආධාර ලබා දුන් අතර තව සති දෙකකින් තවත් ආධාර තොගයක් ලබා දීමට චීනය කටයුතු කරන බවත් ඇය පැවැසීය. පරිත්‍යාග වලට චීන රජයට විශේෂ ස්තූතියක් කරන බවත් ඇය පැවැසීය.

 

0 comments

Leave a Reply

Post Comment