චීන රජය මගින් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කරන වෛද්‍ය ආධාර තොගයේ තවත් කොටසක් අප්‍රේල් 17 දා ෂැංග්හයි නුවර සිට කොළඹ දක්වා ගුවන් මගින් ඒමට නියමිතය.

චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ඵඹ231 දරණ යානය මගින් මෙම වෛද්‍ය ආධාර තොගය මෙරටට රැගෙන ඒමට නියමිතය.

චීන රජයේ මෙම පරිත්‍යාගයට
  • නව කොරෝනා වෛරසය පරීක්ෂා කරන උපාංග (PCR පරීක්ෂණ කට්ටල)*20016 ක්
  • සෞඛ්‍ය සේවකයන් භාවිත කරන ආරක්ෂිත මුහුණු ආවරණ 10000 ක් (මේවායේ අංශු පෙරීමේ අනුපාතය 95%ට සමාන හෝ ඉහළය) 
  • ශල්‍ය මුහුණු ආවරණ 100ල00 ක් (මේවා ලේයර 3කින් සමන්විතය)
  • 4ග භාවිතයෙන් පසු ඉවත් කළ හැකි ආරක්ෂිත ඇඳුම් (තනි ඇඳුම් ඒකකයක් ලෙස පවතින මාදිලියකි) 10000 ක්.
  • සෞඛ්‍ය සේවකන් භාවිත කරන ඇස් ආවරණ කට්ටල 1000 ක් (මීදුම් බැදීමකින් තොර මෙම ආවරණ සම්පූර්ණ  මුහුණම ආවරණය කරයි)
  • එක්වරක් පමණක් භාවිත කරන ශල්‍ය අත්වැසුම් (මේවා ස්වාභාවික රබර්වලින් සකසා ඇත) 50000 ක් ඇතුළත් වෙයි.

පිරිනැමෙන මෙම වෛද්‍ය ආධාර තොගයේ සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් 693191ක් වෙයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ රජය, ජනතාව සහ එහි වෛද්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් සිය ඉහළ අවධානය සහ ගෞරවය යොමු කරන බවත් අතර කෝවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකාව වෙත සුබ පැතුම් එක් කරන බවත්ග ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

චීනය මීට දින කිහිපයට පෙරාතුවත් මෙවැනිම අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට යොමුකළ අතර එහි අලි බබා පදනමේ සභාපති ජැක් මා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෛද්‍ය පරීක්ෂණ කට්ටල 20000ක්ද විය.

1 comment

san

03 years 09 months 04 days 11 hours 49 minutes 02 seconds ago

lokuma paritiyagaya covid-19, gin hattah

Reply

Leave a Reply

Post Comment