පරිගණක සාක්ෂරතාව වර්තමානය වන විට අපට නැතිවම බැරි දෙයක් බවට පත් වී අවසන්. විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළත් පරිගණක දැනුම ලබාදෙන්නේ මේ නිසාමයි. 2019 වර්ෂයේ සිට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා තොරතුරු තාක්ෂණ විෂය අනිවාර්ය කර තිබෙන්නේ පරිගණක සාක්ෂරතාව ඒ තරම්ම වැදගත් වන නිසාමයි.

පාසල් පද්ධතිය තුළදී අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය ධාරාවෙන් ඔබ්බට තාක්ෂණික දැනුම ලබා ගැනීමට මෙන්ම වෘත්තීය මට්ටමෙන් අවශ්‍ය පරිගණක දැනුම ලබා ගැනීමටත් වර්තමානයේ විවිධාකාරයේ පාඨමාලා පවත්වනු දැකගත හැකියි. මෙම පාඨමාලා පවත්වන ආයතන අතරින් සිංහල, දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම දැනුම ලබා ගත හැකි ආයතනයක්  ලෙස 'Westgate College of Technology' ආයතනය හඳුන්වා දිය හැකියි. මේ එම ආයතනය පිළිබඳව එහි අධ්‍යක්ෂිකා ලෂිණී අමරසිංහ අප සමග දැක්වූ අදහස්ය.

'Westgate College of Technology' ආයතනය රජයේ අනුමත අධ්‍යාපන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකියි. පරිගණක අධ්‍යාපනය ලබා දෙන්නට අපි මෙම ආයතනයේ ප්‍රථම ශාඛාව ආරම්භ කළේ මීගමුව ප්‍රදේශයේ. පසුව එය ශාඛා කිහිපයක් දක්වා වැඩි දියුණු කළා. රජයේ පාසලක පරිගණක විෂය උගන්වන ගුරුවරියක විදිහට මම මගේ ආයතනයේ කළමනාකරණ කටයුතු සිදු කරනවා. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් කටයුතුත් මම සිදු කරනවා. කුඩා වයසේ සිටින ළමුන්ගේ සිට ඩිප්ලෝමා මට්ටම දක්වා පාඨමාලා මෙම ආයතනයේ සිදුකරනවා. 

අපේ ආයතනය තුළ 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ජාත්‍යන්තර පාසල්වල ළමුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පරිගණක තාක්ෂණය ඉගැන්වීම් සිදුකරනවා. රජයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් බොහෝ විට පරිගණක විෂය ඉගෙනීමට අපි වෙත යොමුවෙන්නේ 6 ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන විට. මීට අමතරව GIT විෂය මාලාව හැදෑරීමටත් උසස් පෙළ ළමුන්ට අවස්ථාව උදාකර දී තිබෙනවා. රැකියා ප්‍රවේශය සඳහා සිටින ළමුන් වෙනුවෙන් වෙනමම මූලික පරිගණක දැනුම ලබා දීම වෙනුවෙන් අප විසින් පාඨමාලාවක් පවත්වනවා. 

අපේ ඉගැන්වීම්වල විශේෂත්වය තමයි අපි සිසුන් අධික සංඛ්‍යාවක් එකවර සහභාගි කර නොගෙන කණ්ඩායම් ලෙස ඉගැන්වීම් සිදුකිරීම. ඒ වගේම තනි තනිව සිසුන්ට ඉගැන්වීම් සිදු කරනවා. ඉංග්‍රීසි භාෂාවට සමීප නැති පොඩි දරුවන්ට සිංහල භාෂාව භාවිත කර පරිගණක දැනුම ලබාදීමට වෙනමම පන්තියක් අපි හඳුන්වා දී තිබෙනවා. 

මීගමුව ශාඛාවේ විශේෂත්වය තමයි දෙමළ මාධ්‍ය භාවිත කර පරිගණක දැනුම ලබා දීම. NVQ4 මට්ටම දක්වා අපි ඉගැන්වීම් කටයුතු සිදුකරනවා. අපේ ශාඛා දිවුලපිටිය, මීගමුව, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පවතිනවා. කැලණියේ තිබූ ශාඛාව පසුකාලීනව ගම්පහ ප්‍රදේශයට රැගෙන ගියා. 

අපි පුංචිම ළමයෙකුට පරිගණක දැනුම ලබාදීම පිළිබඳව සලකා බලන විට හොඳම වයස ලෙස හඳුනා ගන්නේ අවුරුදු 7 වගේ වයස. මේ වයසේ සිටින දරුවාට වුණත් අපි මුලින්ම ලබා දිය යුත්තේ මවුස් එක, කීබෝඩ් එක හැසිරවීමේ පුහුණුව. ඒ අනුව අපි පරිගණකය භාවිතය තුළින් චිත්‍රයක් අඳින්න, කාටුන් එකක් නිර්මාණය කරන්න වගේ ඔවුන් ආසා කරන දෙයකට යොමුකිරීමයි සිදු කළ යුත්තේ. ඉන්පසුව ක්‍රමයෙන් දරුවාට පරිගණක තාක්ෂණ දැනුම ලබා දිය හැකියි''

ඔබේ දරුවාට පාසලක් හෝ පෙරපාසලක් තෝරා ගැනීමේදී ඔබට දැනගැනීම සඳහා පළ කරගතයුතු කරුණු ඇතිනම්  0112479643 දුරකථන අංකය හරහා අපට දැනුම් දීමට හැකියාවක්  පවතියි.

නදීශානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment