මේ දිනවල පවතින අධික උණුසුම නිසාම විවිධාකාරයේ පානයන් සකස් කර ගැනීමට ඔබටත් සිදුවනු ඇති. අද අප 'Recipe of the Week' වෙතින් ගෙන එනු ලබන මෙම පානය සකස් කර ගැනීමට ඉතාම ලෙහෙසි පානයකි. එමෙන්ම ඉතාම පෝෂදායී පානයකි. උදෑසන Work out කිරීමෙන් අනතුරුව වුවද මෙවන් පානයක් සකස් කර පානය කිරීමෙන් දවසම ප්‍රබෝධජනක වනු ඇත. මේ පානය ගෙන එන්නෙත් සූපවේදී ශාලිත රුක්ෂාන් මහතා විසිනි.

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු කෙසෙල් ගෙඩි 02
පොල් කිරි මිලි ලීටර් 50
අන්නාසි යුෂ මිලිලීටර් 100

සාදන ආකාරය

ඉහත සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. අනතුරුව මෙය පානය කිරීමට සුදුසු වේ. 

නදීශානි පතිරණ

 

 

0 comments

Leave a Reply

Post Comment