උදෑසනට කැලරි අඩු ප්‍රෝටීන් බහුල ආහාරයක් පහසුවෙන් සකස් කර ගැනීමට වෙර දරන කාටත් පහසු ආහාරයක් ලෙස ‘Egg Wraps’ හඳුන්වා දිය හැකිය. 

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 03ක්, රස කර ගැනීම සඳහා ලුණු, ගම්මිරිස්, සිහින්ව කපාගත් බැසිල් කොළ ස්වල්පයක්
පිරවුම සඳහා පිසගත් කුකුළුමස් කරියක්/ ගාගත් චීස් හෝ චීස් පෙත්තක් /කුඩාවට කපාගත් පලතුරු/ අලිගැටපේරවලින් සාදාගත් බැටරයක් / හැම් පෙත්තක් ආදිය භාවිත කළ හැකිය

සාදන ක්‍රමය:

පෑන් එකක් රත්කර එයට තෙල් ස්වල්පයක් හෝ බටර් ස්වල්පයක් දමන්න. බිත්තර කඩා බඳුනකට දමා ගෑරුප්පුවක් ගෙන හොඳින් ගසා ගන්න. එයට ලුණු, ගම්මිරිස්, සිහින්ව කපාගත් බැසිල් කොළ එක්කරන්න. පෑන් කේක් එකක් සකස් කරන අන්දමට බිත්තර මිශ්‍රණය දමා Wrap කිහිපයක් සාදාගන්න. නිවුණු පසු කැමැති පිරවුමක් දමා Wrap කර ගන්න. 

නදීශානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment