බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසෙයේ කිරිමැටිතැන්න රන්දොළ ප්‍රදේශයේ ජීවත්වන අසරණ පවුලක් සිය නිවසේ වහළ පිළිසකර කරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

ඉතා අන්ත දුගී තත්ත්වයේ පසුවන මෙම දෙමවුපියන්ට දැරියන් දෙදෙනෙකු සිටින අතර පවුලේ සියලු දෙනා විශේෂ අවශ්‍යතා සහිත අයවළුන් වීමද විශේෂත්වයකි.

දැරියන් දෙදෙනා පාසල් යන අතර ඔවුන්ගේ බුද්ධි මට්ටමද හෙමින් වර්ධනය වන හෙයින් සාමාන්‍ය දරුවන්ට වඩා වෙනසක් පවතී. එක් දැරියක් 9 වසරේ ද අනිත් දැරිය 8 වසරේද ඉගෙනුම ලබයි. පියා පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක නිරත අතර ජීවිතය ඉතා අපහසුවෙන් ගෙන යනු ලබන බව මෙම පුවත පිළිබඳ තොරතුරු ලබාදුන් ආයුර්වේද වෛද්‍ය වසන්ත සම්පත් කරුණාසේන මහතා පැවසීය.

 ඉතා අධික වැසි සහිත කාලයක් එළඹ ඇති බැවින් මොවුන්ගේ ජීවිත ඉතා කටුක තත්ත්වයකට පත්වී ඇත. මොවුන් ගේ හිසට සෙවණක් ලබාදීමට උපකාර කළ හැකි අයෙක්, සංවිධානයක් හෝ කණ්ඩායමක් වේ නම් ආයුර්වේද වෛද්‍ය සම්පත් කරුණාසේන මහතා (071 5493150)  දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

බෙලිහුල්ඔය - එස්. රත්නායක

0 comments

Leave a Reply

Post Comment