සුඛෝපභෝගී හා ආකර්ෂණීය පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් හිමිකර ගෙන තිබෙන දංකොටුව පෝසිලේන් පීඑල්සී මෙරට පෝසිලේන් වෙළද පොල තුල නවමු වෙනසක් සිදුකරමින් පාරිබෝගිකයන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා පසුගියදා හදුන්වාදෙනු ලැබූ නවතම පෝසිලේන් වාෂ්ප ආශ්වාසක නිෂ්පාදන ( Customized Steam Inhaler) පාරිබෝගිකයන්හට පහසුවෙන් මිලදී ගත හැකි වන ලෙස ඔවුන්ගේ ගිල්ඩ්ෆර්ඩ් ක්‍රෙසන්ට්,  වන් ගෝල් ෆෙස් මෝල්, යුනියන් පෙදෙස,  කිරුළපන සහ දංකොටුව යන ස්ථාන වල පිහිටි ප‍්‍රදර්ශනාගාර වලට එක්කර තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය වෛද්‍ය චරිත් නානායක්කාර මහතාගේ සැලසුම් සහ මග පෙන්වීම යටතේ නිපදනවන ලද මෙම පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය මීට ප‍්‍රථම කොරෝනා වයිරස් රෝගයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දෙන රෝහල් නිරෝධායන මධ්‍යස්ථාන සහ රජයේ ප‍්‍රධාන සෞඛායතන වල භාවිතය උදෙසා නිකුත් කරන ඇත.

දංකොටුව පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය භාවිතා කිරීමට ඉතා පහසුවන අතර විවධවූ ශ්වසන මාර්ගය ආශ‍්‍රිත රෝග තත්වයන් වැළැක්වීම සඳහා නිවෙස්දීම භාවිතා කළහැකි වන පරිදි නිපදවා තිබේ.  මෙම නිෂ්පාදනය දැනට රෝහල් වල භාවිතා කරනු ලබන වාෂ්ප ආශ්වාසක උපකරණ වල නවීකරණය කරන ලද අනුවාදයක් බව සැලකිය යුතුය.දංකොටුව පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය නාසික වාෂ්ප   (nasal steaming) නලයක් සමඟ එන අතර එය වාෂ්ප මුඛයට / නාසයට සෘජුවම යොමුකිරීමට උපකාරීවේ. එය හිසරදය වැනි රෝග පිඩා ඇතිකරන සෙම් සිරවීම මග හැරීමට උපකාරීවේ.තවද මෙම පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය භාවිතය පහසුවන අතර ඔබ කල යුත්තේ උතුරන උණු වතුර වාෂ්ප ආශ්වාසකය වත්කර මුඛය හරහා ආශ්වාස කිරීමයි.

0 comments

Leave a Reply

Post Comment