හොඳින් ගබඩා කර ඇති මුළුතැන්ගෙයක වැඩ කිරීම සතුට ගෙන දෙන්නකි. කෙසේ වෙතත්, සිල්ලර බඩු සහ වෙනත් ආහාර ද්‍රව්‍ය නිසි ලෙස රැකබලා නොගන්නේ නම්, ඒවා පරණ වී හෝ නරක් වී හෝ ටික කලකට පසු නැවුම් රසය අත්විඳීමට නොහැකිවනු ඇත. ඒ නිසාම ආහාර හා වෙනත් සිල්ලර බඩු මුළුතැන්ගෙයි ගබඩාකළ යුතු ආකාරය පිළිබඳව තබන සටහනකි මේ.

01 සීනි

සීනි එකට කැටිවීම වැළැක්වීම සඳහා ලෙමන්, දෙහි හෝ දොඩම් පෙත්තක් සීනි භාජනයේ තැබිය හැකිය. මෙහිදී මතක තබාගත යුතු කරුණක් වනුයේ දුඹුරු සීනි සඳහා තෙතමනය අවශ්‍ය වන අතර, මෘදු ලෙස තබා ගැනීමට වාතයට නිරාවරණය නොවිය යුතු බවයි, නමුත් අධික තෙතමනය ඇති විට සුදු සීනි දැඩි වේ.

02 මයෝනීස්

ශීතකරණයේ දොරේ තබා ඇති විට මයෝනීස් දිගු කල් පවතිනු ඇත. ශීතකරණයේ හෝ ශීතකරණයෙහි අභ්‍යන්තර කොටස්වල මයෝනීස් ගබඩා කර තැබීමෙන් බඳුනේ ඉහළ කොටසේ තෙල් පෑදුණු ස්වභාවයක් ඇතිවේ. එය කෑමට හානිකර නොවන නමුත් ප්‍රසන්න රසයක් නොලැබෙනු ඇත.

03 මිරිස් හා රතු පැහැ කුළු බඩු

මේවා ශීතකරණයේ ගබඩා කිරීමෙන් ඒවා නැවුම්ව තබාගත හැකි අතර, වර්ණය මැකී යාම වළක්වයි. කුළුබඩු, පොදුවේ ගත්කල, තාපයෙන් හෝ හිරු එළියෙන් ඈත්කර තැබිය යුතුය.

04 මී පැණි

මී පැණි ශීතකරණයේ තබා ගැනීමෙන් වළකින්න. මී පැණිවලට අවිනිශ්චිත ආයු කාලයක් ඇති අතර, කාමර උෂ්ණත්වයේ ගබඩා කරන විට කිසි විටෙකත් ස්ඵටික රූප (crystallizes)  නොවේ.

05 චීස්

ගබඩා කරන විට චීස්වලට හුස්ම ගැනීමට ඉඩ ලැබෙන ලෙස ගබඩා කළ යුතුය. ඉටි කඩදාසි හෝ බේකිං පාච්මන්ට් වැනි සිදුරු සහිත ද්‍රව්‍යවලින් එය ඔතා තබන්න. මන්දයත් චීස්වලට නැවුම්ව සිටීමට ඔක්සිජන් අවශ්‍ය වේ.

06 පාන්

බොහෝ විට මිනිසුන් සිතන්නේ පාන් පරණ වීම වැළැක්වීම සඳහා ශීතකරණයේ තබාගත යුතු බවටයි. නමුත් එය සත්‍යයක් නොවේ. පාන් කාමර උෂ්ණත්වයේ තබාගත යුතු අතර, ග්ලූටන් රහිත ලෙස ලේබල් කළ පාන්  ශීතකරණයක ගබඩා කිරීම අවශ්‍ය වේ. හැකි තරම් ඉක්මනින් පරිභෝජනය කළ යුතුය.

07 ඇපල්

ඇපල් දිගු කාලයක් නැවුම්ව තබා ගැනීමට සිසිල් උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව අවශ්‍ය වේ. එමනිසා, ශීතකරණයේ ඒවා මත තෙත් කරගත් කඩදාසි තුවායක් තැබීම ඉතා සුදුසුවේ. මෙහිදී මතක තබාගත යුතු කරුණක් වනුයේ ඇපල් මගින් %එතිලීන්^ මුදා හරින බවයි. එමගින් අනෙකුත් පලතුරු වර්ග ඉදවීම ඉක්මන් විය හැකිය. එම නිසා ඇපල් ගබඩා කිරීමේදී අනෙක් පලතුරුවලින් වෙන්ව ගබඩා කිරීමට සැලකිලිමත් විය යුතුය.

08 පැඟිරි කුලේ පලතුරු 

දොඩම්, දෙහි, ලෙමන් සහ grapefruit දැල් බෑග්වල දමා ශීතකරණයේ ගබඩා කළ යුතුය. මෙම පලතුරුවල  යුෂ ගැනීමට අවශ්‍යවිට, පළමුව කාමර උෂ්ණත්වයට පැමිණීමට මද වේලාවක් තැබිය යුතුය.

09 තක්කාලි

තක්කාලි දිගුකල් පවත්වා ගැනීමට මෙන්ම වඩාත් රසවත්ව තබා ගැනීමට සුදුසු උෂ්ණත්වය වන්නේ ෆැරන්හයිට් අංශක 55 (සෙල්සියස් අංශක 12.8) උෂ්ණත්වයක ගබඩා කිරීමය. අමු තක්කාලි රතු පැහැ ගැන්වෙන තුරු  සහ ඉස්ම සහිත වන තුරු කාමර උෂ්ණත්වයේ යම් කාලයක් තබාගත හැකිය. 
නමුත් ඒවා පරිභෝජනය කිරීමට ආසන්න වූ විට, සෘජු හිරු එළිය හෝ අධික උෂ්ණත්වයට නිරාවරණය කිරීමෙන් වළකින්න. එසේම, ගබඩා කිරීමේදී ඒවායේ නටුව සහිත කොටස පහළට තබන්න.

10 කෙසෙල්

පලතුරු ඉක්මනින් ඉදෙන අතර, එය වළක්වා ගැනීමට ඔබට ක්‍රමයක් නැත. නමුත් ඔබට කෙසෙල් ගෙඩි ඇවරියෙන් වෙන් කොට එක් එක් කෙසෙල් ගෙඩියේ නටු කොටස පොලිතීන්වලින් ඔතා ඉදීමේ ක්‍රියාවලිය මන්දගාමී කළ හැකිය.

11 නැවුම් ඔසු පැළෑටි

කොත්තමල්ලි හෝ වෙනත් නැවුම් ඖෂධ පැළෑටි, මල් ගබඩා කරන්නාක් මෙන් ගබඩා කළ යුතුය. මේවා මැලවීම වළක්වා ගැනීම සඳහා මුල්වලින් කපා වෙන්කර වීදුරු බඳුනකට ජලය දමා බහා තැබිය යුතුය.

12 හතු

හතු වර්ග ගබඩා කිරීමේදී සෑම විටම ඒවායේ මුල් ඇසුරුම්වලින් ( පොලිතීන්) ඉවත් කර ශීතකරණයේ තැබීමට පෙර කඩදාසි බෑග්වල ගබඩා කළ යුතුය. කඩදාසි බෑග්වල ඇසිරීමෙන් හතුවල ඇති අතිරික්ත තෙතමනය අවශෝෂණය කර දිගු කාලයක් නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ.

13 පිපිඤ්ඤා

බොහෝ අය මේවා ශීතකරණයේ ගබඩා කරන නමුත් ඉක්මනින් මැලවීම වළක්වා ගැනීම සඳහා කාමර උෂ්ණත්වයේ ඉතා මැනවින් ගබඩා කළ යුතුය.

14 අර්තාපල්

කඩදාසි බෑග්වල හෝ කාඩ්බෝඩ් පෙට්ටිවල ගබඩා කර සිසිල් අඳුරු ස්ථානයක ගබඩා කරන්න. අර්තාපල්වලට වඩා උණුසුම් උෂ්ණත්වයක් අවශ්‍ය වන අතර, කිසිවිටෙකත් ශීතකරණයේ තබා නොගත යුතුය.

15 කිරි

කිරි දිගු කල් පවත්වා ගැනීම සඳහා, ඔබ එය ශීතකරණයෙහි සීතලම කොටස්වල (පිටුපස සහ පහළ ) ගබඩා කළ යුතුය. අධිශීතකරණය නොවේ. කිරිවල ආයු කාලය කෙරෙහි එම ප්‍රදේශයේ උෂ්ණත්වයේ උච්චාවචනය බලපාන බැවින් එය ශීතකරණයේ දොරවල්වල ගබඩා කිරීමෙන් වළකින්න.

16 කජු වර්ග

රටකජු, ආමන්ඩ්, කජු ආදී නට්ස් වර්ග මාස තුනකට වඩා වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ ගබඩා කර ඇති විට ඒවායේ නැවුම් බව ඉවත්ව යයි. එම කාල සීමාව තුළ ඔබ ඒවා පරිභෝජනය කිරීමට අදහස් නොකරන්නේ නම්, ඒවා දීර්ඝ කාලයක් තබාගැනීම සඳහා වාතය රහිත බහාලුම්වල (airtight) තබා ශීතකරණයේ තබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ.

නදීශානි  පතිරණ

 

 

0 comments

Leave a Reply

Post Comment