නූතන ඩිජිටල් ලෝකයේ ව්‍යාපාර ප්‍රචාරණයට Influencer Marketing වැදගත් වන ආකාරය මෙලෙස ගෙන එන්නේ SBS Consultants හී නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

නූතන ඩිජිටල් ලොව (Digital World) තුළ  පාරිභෝගිකයන් තමන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් Social Media සමග ගතකරන බැවින් හා කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම විශාල ව්‍යාපාර ඉතා ප්‍රබල ලෙස තම ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා පිළිබඳව ප්‍රචාරණයක් Social Media Platformsවල සිදුකරන බැවින්, ව්‍යාපාරයකට තම ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගික ආකර්ෂණය Social Media Platform තුළ පාරම්පරික  Digital Marketing Strategies භාවිත කර දිනා ගැනීමට ඉතා අපහසු වේ. මෙම හේතුව නිසා ව්‍යාපාරවලට තම ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා පිළිබඳ Social Media Platforms තුළ ප්‍රචාරණයක් ලබාගැනීම උදෙසා නව Digital Marketing Strategies යොදා ගැනීමට සිදුව තිබේ. මේ අනුව ව්‍යාපාර ලොව තුළ Influencer marketing යන Digital Marketing Strategy වෙත ප්‍රබල අවධානයක් යොමුව තිබේ.

ප්‍රථමයෙන් Influencer Marketing යන්න කුමක්ද යනුවෙන් ගෙනහැර දක්වන්නේනම් Social Media තුළ ඉතා ජනප්‍රිය හා ප්‍රසිද්ධ චරිතයක් (Influencer) මේ සඳහා යොදා ගැනේ. එම චරිතය (Influencer) සඳහා ඉතා පක්ෂපාතී මිලියන ගණනක් Social Media Followers Influencerගේ Social Media Platforms තුළ සිටින අතර, එම ජනප්‍රිය මෙන්ම ප්‍රබල චරිතය (Influencer) ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා පිළිබඳ දක්වන අදහස් හා නිර්දේශ කිරීම් (Recommendations) එම ප්‍රබල චරිතය (Influencer) සමග Social Media Platformsවල සිටින මිලියන ගණනක අනුගාමිකයන් (Followers) විසින් ප්‍රබල ලෙස  සැලකිල්ලට ගනු ලබයි.

තවද Influencers යම් ආයතනයක භාණ්ඩ හා සේවාවල සැබෑ පාරිභෝගිකයන් වන අතර (Real- Life Consumers) ඔවුන් එම ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා පිළිබඳ මනා දැනුමක් ඇත්තන් වේ. මේ හේතුව නිසා Influencers භාණ්ඩ හා සේවා පිළිබඳව ලබාදෙන අදහස් හා නිර්දේශ කිරීම්වලට ප්‍රබල සැලකිල්ලක් ඔවුන්ගේ අනුගාමිකයන්  (Followers) තුළ ඇති අතර, එම නිර්දේශවලට ගරු කරමින් අනුගාමිකයන් (Followers) එම නිර්දේශිත භාණ්ඩ හා සේවා පරිභෝජනයට පෙලඹේ. 2018 Google ආයතනය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව 61000ක් 'Search queries Influencer Marketing' යන පදය (Term) භාවිත කර තිබේ.

මෙම සමීක්ෂණය මගින් තවදුරටත් ගෙනහැර දක්වන ආකාරයට 92%ක Respondents සඳහන් කරනුයේ Influencer Marketing යනු ඉතා සාර්ථක Social Media Strategy එකක් වන බවත්, 86%ක Respondents සඳහන් කරනුයේ තම ආයතන වැඩි මුදලක් 'Influencer Marketing Campaigns' සඳහා යෙදවීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.
මේ අනුව බලන කල Influencer Marketing යන Social Media Strategy එක තම ව්‍යාපාර සඳහා භාවිත කිරීම තුළින් ව්‍යාපාරවලට පහත සඳහන් වාසි අත්පත් කරගත හැකිය.

1. Amplified Brand Awareness

ඉහත සඳහන් කළ පරිදි Influencers ලාට මිලියන ගණනක අනුගාමිකයන් (Followers) Social Media Platforms තුළ සිටි.
මේ අනුව බලන කල 'Trusted Influencer' සඳහා ප්‍රබල පිළිගැනීමක් පවතින අතර, ඔවුන් භාණ්ඩ හා සේවා පිළිබඳ ලබාදෙන නිර්දේශ (Recommendations) සැබෑ හා පිළිගත හැකි නිර්දේශ (Authentic Recommendations) බවට අනුගාමිකයන් (Followers) සලකයි. භාණ්ඩ හා සේවා පිළිබඳ ප්‍රබල ප්‍රචාරණයක් ආයතනයකට මේ තුළින් ලබාගත හැකිය. 2018 Google ආයතනය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයට අනුව 37% ක Respondents Influencer Marketing තම ආයතනයේ Brand Awareness එක වැඩි කිරීම සඳහා යොදා ගනී.

2.Precise Targeting

ආයතනයක් තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා Consumer, Behavior, Personality පිළිබඳව මනා ලෙස අවබෝධ කරගැනීම එම ආයතනයේ Marketing Strategyවල සාර්ථකත්වය කෙරෙහි ප්‍රබල ලෙස බලපායි. ආයතනයක් තම පාරිභෝගික ප්‍රජාවගේ ස්වභාවය අනුව ආයතනයේ භාණ්ඩ හා සේවා පිළිබඳව ප්‍රචාරණයක් ලබා ගැනීමට Influencers යොදා ගැනීම තුළින් ආයතනයකට තම ආයතනයේ Marketing Objectives සඳහා ඉතා පහසුවෙන් ළඟා විය හැක.

උදාහරණයක් ලෙස තරුණ ප්‍රජාව සඳහා (Millennials) නිමි ඇඳුම් අලෙවි කරන ආයතනයක් Fashion Bloggers මෙන්ම Models Influencers ලෙස යොදා ගනී නම් එම ආයතනයට ඉතා පහසුවෙන් තම ආයතනයේ නිමි ඇඳුම් පිළිබඳව ප්‍රබල ප්‍රචාරණයක් ලබාගත හැකිය. එමගින් තම ආයතනයේ අලෙවිය වර්ධනය කරගත හැකිවේ. මෙම අලෙවිකරණ උපායමාර්ගය (Marketing Strategy) ලෝ ප්‍රකට H & M ආයතනය Fashion Blogger, Julie Sarinana යොදාගෙන එම ආයතනයේ 2017 Catalog එක ප්‍රචාරණය සඳහා භාවිත කළේය.

3. Enhanced Credibility and trust

අනුගාමිකයන් (Followers) තුළ Influencers ලා කෙරෙහි පවතින විශ්වාසය  'Influencers' ලාගේ සාර්ථකත්වයට ප්‍රබල ලෙස බලපායි. තවද එය මිලියන ගණනක අනුගාමිකයන් (Followers) Social Media Platforms තුළ ගොඩනගා ගැනීමට Influencersලාට ප්‍රබල ලෙස දායක වී ඇත. මේ අනුව බලන කල Influencers ලා ආයතනයක භාණ්ඩ හා සේවා පිළිබඳ ලබාදෙන Honest Feedback අනුගාමිකයන් (Followers) ප්‍රබල ලෙස විශ්වාස කරන අතර ඒ තුළින් ආයතනයේ Brand Reputation එක හා Brand Credibility එක ශක්තිමත් කරගැනීමට ආයතනයකට හැකි වේ.

මෙහි ඇති දීර්ඝකාලීන වාසිය වනුයේ ආයතනයකට ඉතා පක්ෂපාතී පාරිභෝගික ප්‍රජාවක් (Loyal Customer Base) ගොඩනගාගත හැකි වන අතර, ඒ තුළින් ආයතනයේ Brand Awareness එක වැඩිකර ගැනීම තුළින් අලෙවිය වැඩිකර ගැනීමට එම ආයතනයට හැකිවීමයි.

4. Increased Audience Engagement

ආයතනවල Social Media Platforms විශ්ලේෂණය කිරීමේදී දැකගත හැකි ප්‍රබල සාධකයක් වනුයේ එම ආයතනවල Social Media Content සඳහා සැලකිය හැකි Likes, Comments හා Shares ප්‍රමාණයක් ලබාගත නොහැකි වීමයි. වෙනත් ලෙසකින් පැවසුවහොත් එම Social Media content සඳහා අඩු Social Media Engagement එකක් පැවතීමයි. නමුත් ආයතනයක් තම ආයතනයේ භාණ්ඩ හා සේවා ප්‍රචාරණය සඳහා යෝග්‍ය Influencersලා යොදා ගැනීම තුළින් Social Media Contentහි ගුණාත්මක බව වර්ධනය කරගත හැකි වන අතර, ඒ තුළින් ආයතනය බලාපොරොත්තු වන අරමුණු කරා ඉතා පහසුවෙන් ළඟාවිය හැකිය. එනම් එම Content එක සඳහා Likes, Comments හා Shares වැඩිකර ගැනීම තුළින් Social media Engagement එක වැඩි කර ගැනීමය. 

Influencers ලා Social Media Content එක ඔවුන්ගේ Social Media Profilesහි Share කරන අතර, ඒ තුළින් තවදුරටත් Content  එක සඳහා ඇති Engagement එක වැඩි කරගත හැක. එනම් එම Content එක සඳහා ඇති Likes, Comments, Shares වැඩිකර ගැනීමයි.

මේ අනුව බලන කල නූතන Digital World එක තුළ Influencer Marketing යන Social Media Strategy එක ආයතනයකට ප්‍රබල වාසි රැසක් අත්පත් කර දෙයි. ඒ තුළින් Brand's Reputation ශක්තිමත් කරන අතර Social Engagement එක වැඩි කරයි. Influencer Marketing තුළින් ආයතනයකට තම ආයතනයේ Marketing Objectives වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැක.

මූලාශ්‍ර - grin.inc
නදීශානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment