එක්සත් ජනපද ජනාධිපතිවරණයට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට කාන්තාවන් දිරිගැන්වීම සඳහාවූ සාදයකට සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් මාර්කේල්ට ආරාධනා ලැබී ඇති බව වාර්ථාවේ.

#WhenAllWomenVote ලෙස නම් කර ඇති එම සාදයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස මේගන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සහභාගිවීමට නියමිත බවයි අන්තර්ජාතික මාධ්‍ය වාර්ථා කර තිබුණේ.

නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මැතිවරණයේදී තම ඡන්දය භාවිතා කරන බව මේගන් මීට පෙර සදහන් කර තිබිණ.

 එංගලන්ත රාජකීය පවුලේ සාමාජිකයන් සාම්ප්‍රදායිකව ඡන්දය නොදෙන අතර රැජින දේශපාලනික වශයෙන් මධ්‍යස්ථය. එක්සත් රාජධානියේ නීතියෙන් රාජකීයත්වය ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කර නැතත්, ඔවුන් එසේ කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි සැලකේ.

ඇමරිකානු සම්භවයක් ඇති මේගන් මාර්තු මාසයේ රාජකීය රාජකාරියන් අතහැර දමා එක්සත් ජනපදයේ වාසය කරන්නට හැරී කුමරු හා තීරණය කළාය.

0 comments

Leave a Reply

Post Comment