රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර,‍ පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ.

හච් වෙතින් රුපියල් 10 ක නොමිලේ කතා කාලයක් දින පහක් පුරා සෑම දිනකම පිරි නැමුණු අතර, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම, මඩකලපුව, වවුනියාව යන ගංවතුර උවදුරෙන් දරුණු ලෙස හානියට පත් දිස්ත්‍රික්ක 8 ක ස්වකීය ග්‍රාහකයින් වෙනුවෙන් එම සහනය පිරි නැමිණි.

එම ප්‍රදේශවල 078 හා 072 අංකවලින් පටන් ගන්නා දුරකතන අංක හිමි සෑම ග්‍රාහකයකු වෙතම දෙසැම්බර් මස 24 වැනිදා සිට දින පහක් පුරා සෑම උදෑසනකම රුපියල් 10 ක රීලෝඩ් ස්වයංක්‍රීයව යැවීමට හච් කටයුතු කර තිබිණි. එම විපත්තිදායක කාල සීමාව තුළ, විපතට පත් වූවන්ට අවශ්‍ය අවස්ථාවක හදිසි සේවාවන් හා සම්බන්ධ වීමටත් පවුලේ උදවිය හා මිතුරන් හා සම්බන්ධ වීමටත් එමගින් හැකියාව ලැබිණි.

“දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම දරුණු ගංවතුර තත්ත්වයෙන් විපතට පත් අපගේ පාරිභෝගිකයින්ගේ සුබ සිද්ධිය පිළිබඳව අපි වැඩි වශයෙන් සැලකිලිමත් වුණා. ගංවතුර තත්ත්වය හේතුවෙන් පිළිසරණ අහිමි වුණු පාරිභෝගිකයින්ගෙන් වැඩි දෙනෙකුට තමන්ගේ දුරකතනවලට මුදල් රීලෝඩ් කර ගැනීමට හෝ දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයකට හෝ ළඟා වීමට හැකියාවක් නැති බව අපට වැටහුණා.

ඒ නිසයි, හඳුනාගත් දිස්ත්‍රික්ක 8 ක, මිලියන 1 ක් වන අපගේ ග්‍රාහකයින් වෙනුවෙන් නොමිලේ කතා කාලයක් පිරි නමමින් රුපියල් මිලියන හතළිහත් පනහත් අතර මුදල් ප්‍රමාණයන් එම සත්කාර්යය වෙනුවෙන් අපි වෙන් කළේ. එම හදිසි කාල සීමාව තුළ, අපගේ පාරිභෝගිකයන්ට හදිසි හා අත්‍යවශ්‍ය දුරකතන ඇමතුම් ලබා ගැනිමට ඉඩ සලසමින් ඔවුනට යම් පමණක සහනයක් වීමට හච් වග බලා ගත්තා”

එම සත්කාර්යය පිළිබඳ අදහස් දක්වමින් හච් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර අලෙවි ඉරංග අමන්දකොන් සඳහන් කළේය.

 

0 comments

Leave a Reply

Post Comment