පොලොන්නරුව ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පැවැසීය.

ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළ අතර එහිදී ලැබී ඇති ප්‍රතිඵල අනුව මෙම සේවකයා ධනාත්මක වී තිබේ.

කෙසේ වෙතත් ඔහු ඊයේ දිනයේදි සේවය සඳහා වාර්තා කර තිබේ. ප්‍රා දේශීය ලේකම් කාර්යාලය වසා නොමැති බවත් ජනතාවට සේවය කරන බවත් දුරකතනය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවත් ලේකම්වරයා පවසයි.

මේ වන විට ඔහුගේ ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවැසීය.

0 comments

Leave a Reply

Post Comment