මහනුවර ප්‍රධාන බාලිකා  විදුහලක උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන දැරියකගේ මොළයේ සැත්කමක්  ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ  ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර තිබේ. එම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

හිමංශිගේ පියා වන ඩී.ජී. ලයනල් මහතා පෞද්ගලික බස්  රථයක රියැදුරෙකු ලෙස සේවය කරන අතර ඔහුට මේ තරම් විශාල මුදලක් සොයා ගැනීම අපහසු බවත්,  තම දැරියගේ සැත්කම සඳහා ආධාරයක් ලබා දෙන ලෙසත් ඔහු  සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

දැරියගේ මව වන ඉන්ද්‍රා මහත්මියද කිසිදු රැකියාවක් නොකරන අතර දැරියගේ එකම සොහොයුරිය ද උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.  තම පවුලට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බැවින් මෙවන් විශාල මුදල් ප්‍රමාණයක්  සොයා ගැනීම අපහසු වී ඇති බැවින්  ඒ සඳහා ජනතාවගේ උපකාර ඔවුහු අපේක්ෂා කරති.

මේ සඳහා සසංගිකා හිමංශි නමින් කටුගස්තොට මහජන බැංකුවේ විවෘත කර ඇති අංක, 003-2-001-2-0106704 ගිණුමට ආධාර  මුදල් බැර කරන ලෙස දැරියගේ  පියා ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර 0715 972 207  දැරියගේ  පියාගේ දුරකථන අංකයෙන්  ලබා ගත හැකිය.

මොහොමඩ් ආසික්

0 comments

Leave a Reply

Post Comment