ජෝර්දානයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මරුතමුතු නාගමුතු වඩිවම්බිකායි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

වව්නියාව, තරනික්කුලම්, 4 වන මාවත, අංක 363 දරණ ලිපිනයේ පදිංචිව සිටි වඩිවම්බිකායි මහත්මිය 2009.02.12 දින ජෝර්දානය බලා පිටත්ව ගොස් තිබේ.

මේ වන විට ඇය පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.  ඇය පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

0 comments

Leave a Reply

Post Comment