දෙමාපියන් ලෙස ළමුන් තුළ පවතින දක්ෂතා හා අදක්ෂතා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. මෙවර අපගේ අවධානය යොමුවන මාතෘකාව තුළින් ඔබට එහි වැදගත්කම මෙලෙස වටහා දෙනු ලබන්නේ FLIP Foundation  ( Focus on Literacy Improvement by Practice ) ආයතනයේ සම අධ්‍යක්ෂිකා ගෝතමී රාජපක්ෂ (B.Ed(UG)/ Dip. in Teaching /Dip. in S.N.E) විසිනි.

“අපට හමුවන ළමයින් විවිධාකාරයි. ඔවුන්ගේ ස්වභාවය, ගති පැවතුම්, ක්‍රියා , සිතීම, සංකල්ප, දක්ෂතා, බුද්ධිය, ළැදිකම්, අදහස් ලබා ගැනීම්, අදහස් ප්‍රකාශ කිරීම් ආදියෙන් වෙනස්කම් ඇති බව අපට දක්නට ඇත. ගෙදරදී ලැබෙන අක්‍රමික පුහුණුව, දරුවා ගැටෙන පරිසරය, ක්‍රියාවන් හා අත්දැකීම්වලින්,ඔවුනට ලැබෙන දැනිම් ‍‍‍හා දෙමාපියන්ගේන් ගුරුවරුන්ගෙන් ලැබෙන බලපෑම් සමාජයේ පවතින විවිධ රීති දරුවන්ගේ විවිධ වෙනස්වීම්වලට හේතු විය හැකිය.

ඇතැම් පවුල් පසුබිම් තුළින්ද දරුවන් වෙනස්වීම්වලට භාජනය වේ. ඇතැම් නිවෙස් තුළ දරුවන්ට ලැබෙන නිදහස අනුව දරුවෙකු එඩිතර නිර්මාණශීලී, නිර්භීත, ක්‍රියාශීලී. කෙනෙකු බවට පත්වන අතර, ඇතැම් පවුල් පරිසර තුළ දෙමාපියන් සහ දරුවන්ට වැඩිමල් පිරිසගේ බලපෑම් හෝ දඬුවම් නිසා දක්ෂ දරුවෙකු පසුබට වනසුලු හා බියගුළු උදාසීන දරුවකු බවට පත්වේ.

දරුවෙකු සමාජයට යෑමට පෙර නිවෙස් පරිසරය තුළ දරුවාට සාර්ථක අත්තිවාරමක් ලබාදීම දෙමාපියන් සතු වගකීමක් වනු ඇත. ඇතැම් දරුවන් තුළ අධ්‍යාපනයට නිදන්ගත දුර්වලකම් හා ප්‍රකට දුර්වලකම් හඳුනා ගත හැක. මෙම දුර්වලකම් ගුරුවරුන්හට තේරුම් ගැනීමට විශේෂයෙන් හැකි වේ.

දරුවෙකුට ඉ‍‍‍ගෙනුම් කාර්යය පිළිබඳව හා විෂයන් පිළිබඳව දක්ෂකම් ඇතිවීමට මෙන්ම දුර්වලකම් ඇතිවීමටද කරුණු රාශියක් බලපායි. මෙවැනි දුර්වලකම් මගහරවා ගැනීමටත් දරුවන්ගේ අවශ්‍යතාවන් ආශාවන් හා සහජ දක්ෂතාවන් වර්ධනය වන පරිදි ඔවුන්ට ඒ ඒ විෂයයන් පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීමටත් මාර්ගය සොයා දීම දරුවන් හට කරන විශාල පහසුවක් වේ. නැතිනම් බොහෝ විට එම දරුවා අධ්‍යයන අභියෝගයන්ට පමණක් නොව, සමාජීය හා චිත්තවේගීය ගැටලුවලටද මුහුණ දෙයි. එමනිසා දරුවෙකුගේ සාර්ථකත්වයට කලින් හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

ඇතැම් දරුවෙකු කියවීමට, ගණිතයට හා සිංහල භාෂාවේ ඉස්පිලි, පාපිලි මගහැරීම වැනි දුර්වලතා දැක්වූවද විද්‍යාව, ඉතිහාසය හා සෞඛ්‍ය වැනි විෂයන්වල විෂය කරුණු සඳහා දක්ෂකම්, ළැදිකම් දක්වන අවස්ථා තිබේ.

කියැවීමට බොහෝ විට දුර්වල වන්නේ.....

  1. ඉගැන්වීමේ දී සිදුවන වැරදි ..
  2. ශබ්දෝච්චාරණයට ඇති පහසුව.
  3. කියැවීමට අසීරු පාඨ වාක්‍ය තෝරා ගැනීම.
  4. පෙනීමේ දුර්වලකම්.
  5. භාවිතය මඳ බව.
  6. අලසකම.
  7. ගුරුවරයාට කියැවීමේදී දක්වන භය.
  8. නොපැහැදිලි අකරු ආදි නිදන්ගත වූත්, ප්‍රකට වූත් දුර්වලතාවයන් නිසාය.

ගණිතයට දුර්වල වීම.

මූලික සූත්‍ර හරි හැටි නොදැනීම.

චක්‍ර  අමතක වීම.

භාෂාවට ඇති දුර්වලතාවන් නිසා ගණන් ප්‍රශ්න කියවීමටත්, තේරුම් ගැනීමටත් නොහැකිවීම.

ගුරුවරයා ගණිත සූත්‍ර නොපැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම.

අමාරු විෂයක් වශයෙන් ළමයාගේ සිතේ මුල සිටම ඇදී තිබෙන භය සහිත ලකුණු.

ළමයාගේ ඇල්ම වර්ධනය කිරීමේ මාර්ගය ගුරුවරයා විසින් ඇති නොකිරීම.

 ළමයාගේ මානසික හා ශාරීරික දුර්වලකම්.

මෙ‍ලෙස එක් එක් විෂයකට ඔහු තුළ ආවේණික වූ දුර්වලතා නිදන්ගත මෙන්ම බාහිර වු ප්‍රකට දුර්වලතාද වේ.

ලිවීමේදී හා ඇඳීමේදීද ළමයා මෙසේ නොයෙක් ආකාර වූ වැරදි කරයි. මේ එක් එක් කරුණු හරිහැටි සොයාබලා ඒ දුර්වලතා මග හැරවීමට කටයුතු කළ යුතුවේ.

කුඩා දරුවන්ගේ දුර්වල සම්බන්ධීකරණය පවා ඉගෙනීමේ දුර්වලතාවක් පෙන්නුම් කරයි.

නිදසුනක් වශයෙන්, වයස අවුරුදු 5දී, දරුවෙකුට තම ඇඳුම් බොත්තම් ආකාරයට කතුර මගින් කඩදාසිවලින් හැඩ කපාගත හැකිය. කර්තව්‍යයක් ආරම්භ කරනුයේ කෙසේද යන්න හෝ එය සාර්ථකව කරගෙන යන්නුයේ කෙසේද යන්න තේරුම් නොගැනීමද ලකුණක් විය හැකිය.

ගැටලුවක් පවතී නම්

  1. පුද්ගලික පන්ති
  2. විවිධ වැඩසටහන් හා පරීක්ෂණ
  3. යාග හෝම
  4. වයසත් සමග හරි යනකන් බලා සිටීම
  5. වෛද්‍ය උපදෙස් හා ඖෂධ ප්‍රතිකාර පමණක් ලබා දීම

ඇතුළු දෑ අත්හදා බැලීම් මෙයට විසඳුම නොවේ. ස‍මෝධානිත උත්සහයක් සහිත 

නිවැරදි ප්‍රතිකාරාත්මක ඉගෙනුම (Remedial Teaching) සහිත Individualized Education Program - IEP  වැදගත් වේ.

නදීෂානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment