www.ada.lk
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ හා වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා ඊයේ (11දා) ජනතා අරගල මධ්‍යස්ථානය කොළඹ කොටුවේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා වෘත්තීය සමිති සිවිල් සංවිධාන කිහිපයක් විසින් ජනතා අරගල මධ්‍යස්ථානය සකස් කර තිබෙන අතර, උද්ඝෝෂණයට එක්වූ එම සංවිධානයේ නියෝජිතයන් සඳහන් කළේ, අධිබදු බර නිසා ජනතාවට ජීවත්විය නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
මේ නිසා බදු බර පහත දමා වැඩකරන ජනතාවට ජීවත්විය හැකි ආකාරයට වැටුප ඉහළ දැමිය යුතු බවද විරෝධතා ව්‍යාපාරයට එක්වූවෝ සඳහන් කළහ.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යට වී පාලකයන් රටේ ආර්ථිකය පරිසරය විනාශ කර දමමින් සිටින බවත්, මෙය වහාම නවතා දැමිය යුතු බවත් ඔවුහු පවසා සිටියහ.
ඡායාරූප- ඒශාන් ප්‍රනාන්දු
popular news
ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
පාලිතගේ මරණයට හේතුව හෙළිවෙයි
සුමනරතන හිමිගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින් ඉවත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදී මරුට
අනුලා චෛත්‍යයේ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති
නිදියහනේදීම ඔහුව ඝාතනය වූයේ ඇයි?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd