www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කළ වෝහාරික විගණනය 2019 වසර නිමාවීමට පෙර අවසන් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
අද (02දා) දහවල් මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අදාළ විගණනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී අධිපතිවරයා මේ බව පවසා සිටියේය.
"මෙය සංකීර්ණ දෙයක්. කිසිම ප්‍රමාදයක් එහි නැහැ. දැනටමත් මෙම විගණනය සඳහා ඉදිරිපත් වන ලෙස සුදුසුකම් සහිත විදේශීය විගණන විශේෂඥයන් වෙත ආරාධනා කර තිබෙනවා. මොකද මේ ගැටලුව මහ බැංකුව හා සම්බන්ධ දෙයක් නිසා මහ බැංකුවේ නිලධාරීන් හරහා මේ විගණනය සිදු කරන්න බැහැ."
මෙහිදී අදාළ විගණනය කොටස් හයකට වර්ග කරමින් සිදු කරන බවත්, එය නිවැරදි ආකාරයෙන් සිදු කිරීමේ ඇති අත්‍යවශ්‍යතාව නිසා එය සිදු කිරීමට කල්ගත වන බවද හෙතෙම පැවසීය.
"මෙතැනදී යම් වැරැද්දක් සිදු වෙලා තිබෙන බවට යම් කෙනෙක් අධිකරණයට ගියොත්, එය සකස් කරන්න යළිත් අපට මුල සිටම කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි වැරැදි අවම කරගනිමින් වඩාත් සුපරීක්ෂාකාරීව මෙය සිදුකළ යුතුයි. ඒ සඳහායි විගණන විශේෂඥතාව සහිත පිරිස් වෙත ආරාධනා කර තිබෙන්නේ."
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd