www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
මසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකට ලක් වී තිබේ.
නකලස් කලාපයේ සිදුකල සංචාරකය දී අනාවරණය වූයේ ස්වභාවික පරිසරය මේ වන විට සම්පූර් ණයෙන්ම වෙනස් වී ඇති බවයි.
මානව ක්‍රියාකාරකම් සිදු නොවීම හේතුවෙන් සිදුව ඇති වෙනස්කම් අතර නකලස් කළාපයට ආවේනික රුක්ෂලතා රැසක් ස්වභාවික මල් වලින් හැඩවී තිබේ.
තොරතෝන්චික් නැතිව නිබදව ඇසෙන කුරැළු කූජනයන්ට අමතරව විවිධ වන සතුන් නිදහසේ සිය නාද රටාවන් පවත්වන අයුරු මේ දිනවල නකල්ස් කලාපයේ දැකගත හැකිය.
කැලිකසල පරිසරයට බැහැර නොවීම,ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය භාහිර පරිසරයට එක් නොවීම,ජල උල්පත් අපිරිසිදු නොවීම ආදී කරුණු රැසක් හේතුවෙන් නකලස් කළාපයේ ස්වභාවික වෙනස් වීම් සිදුව තිබේ.
ස්වභාවික පරිසරයට එක්වන දූවිලි අංශු ඉවත්වීමත් සමග නකලස් කළාපයේ ඉහළ අහසද වඩාත් පැහැදිලිව දැකගත හැකි අතර මොරගහකන්ද හා කළුගග ජලාශ ද මේ දිනවල නකලස් කදුපංතියේ මුදුනට ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd