www.ada.lk
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත වඩා හිදුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීම ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ජනාධිපතිතුමා ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය වැද පුදා ගෙන ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කරනු ලැබු අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහභාගි විය.
ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන, අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, සාගල රත්නායක, පා.ම මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ද තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් බැතිතුමන් අතිවිශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd